(සුජිත් හේවාජුලිගේ )
චීනය හඳුන්වාදුන් සිනොපාර්ම් කොරෝනා මර්දන එන්නත මෙරටදී නිෂ්පාදනය කිරීමට චීන තානාපතිවරයා සමග සාකච්ඡා කර ගෙන යන බව ඖෂධ නිෂ්පාදන ,කැපවීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි .
චීනයෙන් අමුද්‍රව්‍ය ගෙනැවිත් මෙරටදි නිපදවීම සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය විශේෂ උනන්දුවකින් කටයුතු කරන බවද ඇමැතිවරයා කියයි.
කල් ඉකුත් වීමට ළඟ කොරෝනා එන්නත් තොගයක් චීනයෙන් ලංකාවට එවා ඇති බවට පළවන ඇතැම් මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව කී ජයසුමන මහතා එම එන්නත කල් ඉකුත් වීමට තව වසර දෙකක් තිබෙන බවද ප්‍රකාශ කරයි .
චීන එන්නත මෙරටේ හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විද්වත් කමිටුව පසුගියදා අනුමැතිය ලබා දුන්නේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ කට විතරයි... වැඩ බැරි ටාසන් කෙනෙක්...
මිනිසු මැරෙනවා මේ දවල් හීන දකිනවද
බෙහෙත් ගැනම ආචාර්ය උපාදිය තිබෙන මේ මහාචාර්ය නේද අර දම්මික පැණි නාඩගම පිටිපස්සේ හිටියෙත්. "ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත, අනෙක් සෑම දෙයකට ඔහු ගොනෙක් වෙත" කියුවට බෙහෙත් ගැනවත් නොදන්නා පාටයි.
ලෝකයේ හැම රටක්ම භාවිතාකරන ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමතකර ඇති එන්නත් නිෂ්පාදනය ඉන්දියාවට ගන්න ඉඩදීලාදැන් ලෝක සෞඛ්‍ය සංවිධානය " වෙන කරන්නම දෙයක් නැත්නම් හදිස්සියකට ගහගනිල්ලා" කියල අනුමැතිය දීල තියෙන ලෝකයේ වෙන කිසි රටක් "මිලදී අරගෙන භාවිතා කරන්නේ නැති" චීන එන්නත නිෂ්පාදනය කරන්න බාරගන්න යනවා.
කට ඇරියොත් කියන්නේ බොරු
නාථ දෙයියන්ගෙන් අහල ඉන්න වෙයි.කෝකටත් කාලි අම්මගෙනුයි ධම්මික කපුවගෙනුයිත් අහලම පටන් ගත්තම වැඩිය හොඳ වෙයි.
ඕකට මුල්ගලකුත් තියයි බලන්නකෝ
එන්නත් සෑදීම හොඳයි. කරුණාකර සංචාරක ව්‍යාපාරය නවත්වන්න. කරුණාකර වෙස් මුහුණු සෑදීම, ලෝකයට එන්නත් වැනි වෙනත් ව්‍යාපාර සොයා ගන්න. කරුණාකර රට අගුළු දමන්න. කරුණාකර පැතිරීම නවත්වන්න.