(හර්ෂණ තුෂාර සිල්වා)
කොරෝනා වයිරසයට එරෙහි සටනේදී ‘‘සූදානම් වෙන්න, බිය නොවන්න’’ යන්න අපගේ මාර්ගෝපදේශ මන්ත්‍රය වූයේ යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (15) ප්‍රකාශ කළේය.
කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයට එරෙහි සටනට ශක්තිමත් උපායමාර්ගයක් සැකසීම සඳහා ‘කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංවිධානයේ (සාර්ක්)’ රටවල නායකයන්ගේ සාකච්ඡාවක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වමු යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉකුත් දා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඒ අනුව අද පස්වරු 5.00 සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එම සාකච්ඡා පැවැත්විණි.
ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානී, නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඕලි, භූතාන අග්‍රාමාත්‍ය ලෝටේ ෂෙරීන්, මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම් මොහොමද් සෝලි යන මහත්වරු සහ බංග්ලාදේශයේ අගමැතිනි ෂීක් හසීනා මහත්මිය විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති මෙම සාකච්ඡාවට එක්වූහ.
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ සහායක වෛද්‍ය සෆාර් මිර්සා ද මෙයට එක්විය.
වයිරසය නිසා ඇති වී තිබෙන තත්ත්වය අවතක්සේරු නොකරන බවත් එහෙත් හදිසි වී ප්‍රතිචාර දැක්වීමෙන් වැළැකී සිටිය යුතු බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාව ආරම්භ කරමින් පැවැසීය.
‘‘දැනට සාර්ක් කලාපයෙන් වාර්තා වී ඇත්තේ සිදුවීම් 150ක් පමණ පොඩි ගණනක්. එහෙත් අපි විමසිල්ලෙන් ඉන්න ඕනෑ’’ යැයි ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීය.
සෞඛය සේවා සැපයීම කලාපය හමුවේ තිබෙන සැලකිය යුතු අභියෝගයක් යැයි ද සියලු දෙනාම එක්ව සූදානම් විය යුතු යැයි ද එක්ව මුහුණ දී එක්ව සාර්ථක වෙමු යැයි ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝදිගේ කතාව පට්ට බොරුවක් වගේම තනිකරම ජනතාව නොමඟ යැවීමක්. මට දැන් තමයි තේරෙන්නේ මොකක්ද මේ වීඩියෝ කොන්ෆරන්ස් එක තියන්න හේතුව... යූටර්න් ජනාධිපතිට ඡන්දෙ තියවන්න ඉඩ හදලා දෙන්න. මොනතරම් දුෂ්ඨ ආත්මාර්ථකාමී තීරණයක්ද... මුළු ලෝකෙම කොරෝනා පැතිරිලා ලංකාවේත් දැනටම 11ස් දෙනෙකුට කොරෝනා හැදිලා තවත් විවිධ රටවලින් ලංකාවට ආපු සිය ගණනක් මිනිස්සුන්ට කොරෝනා තියෙනවද, නැත්ද කියලා හරියට දන්නෙවත් නැතුව, ලංකාවේ ජනාධිපති ඡන්දයක් තියන එක ගැන කතා කරන එක... හරි නම් රෝගය බරපතල විදිහට පැතිරෙන්න ඉස්සෙල්ලා ලංකාවත් හදිසි තත්වයක් ප්‍රකාශ කරලා අහිංසක මිනිස්සුන්ව රෝගයට ගොදුරු නොවී බේරාගන්න බලන්නයි ඕනේ... මෝදිගේ 150 කතාව බොරුවක්. අද වෙනකොට ඉන්දියාවේ විතරක් කොරෝනා රෝගීන් කියලා හරියටම හඳුනා ගත්ත 108ක් ඉන්නවා. ලංකාවේ කොරෝනා හරියටම තියෙන 11ක් සහ සැක කරන 103ක් ඉස්පිරිතාලවල ඉන්නවා. පාකිස්තානේ කොරෝනා රෝගීන් 56ක් සහ සැක 76ක් ඉස්පිරිතාලවල ඉන්නවා. බය වෙන්න එපාලු නෙමෙයි.. අනිවාර්යයෙන්ම බය වෙන්න ඕනේ. ඇඟේ උෂ්ණත්වය ෆැරන්හයිට් 100ක් තියෙන සියලු මිනිසුන් කොරෝනා පරීක්ෂණයකට ලක්කරන එක සහ නිරෝධනය ලංකාව අනිවාර්ය කරන්න ඕනේ..
ලංකාවේ අයටත් ඉන්දියාවේ අයට වගේ ගවමුත්‍ර බොන්න කියනවා නම් ඉස්සෙල්ලාම අර 225 වෙන ගොන්නුන්ට දෙන්න කියන්න.
දකුණු ආසියාව කියන්නේ ලෝකයේ වැඩිම ජනගහනය ඉන්න කලාපය... ඒ වගේම දුප්පත්ම ජනගහනය සහ ප්‍රශ්නයක් වුනොත් පාලනය කරන්නම බැරි ජනතාව ඉන්න කලාපය... තේමාව ඉතාම හොඳයි. මේ වෙලාවේ වැඩ කරන්න ඕන එක්වෙලා තමයි. එහෙම නොවුණොත් ඕනෑම පොඩි දෙයකට බයවෙලා ඕනෑම හදිසි තීරණ අරගෙන ක්‍රියාත්මක වෙන මේ කලාපයේ ජනතාවට මේ කලාපයේ මොනවා කරලා නවතීද කියන්න බැහැ..
දැන් පැරණි 225 ආයෙත් බිලි කොකුවල අමුණලා ජනතා සාගරයට දාලා නේද?
අපේ ජනපතිගේ සහායකයා විදියට අර කුප්‍රකට "විශේෂ වෙදදුරුතුමා ගෙනියන්න තිබුණා නෙවැ... මිනිහා ටක්කෙටම ඕකට බෙහෙතක් කියයි...! සුමනදාස උන්නැහේ සාත්තර කිව්වා වගේ...
මේ ගොල්ලෝ තමයි කිව්වේ ගව මුත්‍ර බීලා ගොමවලින් නෑවම ඔක්කොම සනීප වෙයි කියලා... ඉතින් අපි එ්කත් කරමු. ඇයි මෝදිට දණගහගෙන වැඳගෙනනේ ඉන්නේ ලොකු මහත්තයා...