
(සුජිත් හේවාජුලිගේ)
මිනිසා පළමු වරට සඳ තරණය කළ අවස්ථාවේදී සඳෙන් රැගෙන ආ පස් සහ පාෂාණ සාම්පල ජාතික කෞතුකාගාර පරිශ්‍රයේ ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීම අද (21) සිට ආරම්භ කෙරුණු බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් සනෝඡා කස්තුරිආරච්චි මහත්මිය පැවසුවාය.
වර්ෂ 1969 ජූලි 21ක මිනිසා පළමුව සඳ තරණය කළ අවස්ථාවේ සඳෙන් රැගෙන ආ පස් හා පාෂාණ සාම්පල් ශ්‍රී ලංකාවටද ලැබි ඇති බව ඇය කීවාය.
ජනතාවට මේවා දැක බලා ගැනීමට හැකිවීම දුර්ලභ අවස්ථාවක් බවත් මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ මග පෙන්වීමෙන් සඳ පිළිබඳ විස්තරාත්මක සහ ආකර්ෂණීය තොරතුරු අැතුළත් විශේෂ මැදිරියක්ද ඉදිරි මාස දෙක තුනේදී සකසන බවත් කස්තුරිආරච්චි මහත්මිය පැවසුවාය.
සඳ ගමන පිළිබඳව සහ චන්ද්‍රයා පිළිබඳව ප්‍රදර්ශන කුටිය කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ අංශාධිපති සහ නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂිකා සනොජා කස්තුරිආරච්චි මහත්මියගේ මූලිකත්වයෙන් ඊයේ විවෘත කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොවියට්දේශය කිච වෙලා ගියේ සඳ තරණය කරන්න ගිහින් ඇමරිකාවට පැරදුනු දවසේ!. උන් අපේ රට වගේ දුප්පත් රටවලට කොමියුනිස්ට් මතවාද බෝ කරලා තවත් අන්ත දුප්පත් කලා, කොටින්ම කිව්වොත් වර්තමාන ආණ්ඩුවට සහයෝගය දෙන උනුත් ඒ සෝවියට් මොළ හෙදිල්ලෙන් ඔලුව කුරුවල් කරගත් එවුන් තමයි.