
(බී.ජී. චතුරංග)
අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළු උතුරු මැද පළාත තුළ කොවිඩ් 19 වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් පැවතීම හේතුවෙන්, එළඹෙන සති අන්තයේ සහ පොහොය දින අනුරාධපුර අටමස්ථානය සහ පොලොන්නරුවේ සිද්ධස්ථාන වැදපුදා ගැනීම සඳහා පැමිණීමෙන් වලකින ලෙස, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා දැනුම් දුන්නේය.
පවතින තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, අනුරාධපුර අතිරේක දිසාපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන්, රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරි පල්ලේගම හේමරතන නාහිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය දැනුවත් කිරීමෙන් අනතුරුව, උන් වහන්සේලාගේ අනුශාසනා පරිදි සිද්ධස්ථානවල බැතිමතුන් සීමා කිරීමට මෙසේ පියවර ගත් බවද ආණ්ඩුකාරවරයා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙසක් එකට සෙනඟ එකතු වෙන එක නතර කරන්න හොඳ පිළියම.. පව් බැතිමතුන්...!!!