(නිමල කොඩිතුවක්කු)

සිංගප්පූරුවේ සංචාරයක නිරත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එරට  හුන්ඩායි මෝටර් සමූහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ සංචාරයක  නිරත විය.

හුන්ඩායි මෝටර් සමූහය ඉතා කාර්යක්ෂම, තිරසාර සහ මානව කේන්ද්‍රීය නිෂ්පාදන පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා අති නවීන රොබෝ තාක්ෂණය, ස්වයංක්‍රීයකරණය සහ දත්ත මත පදනම් වූ පද්ධති ඒකාබද්ධ කර ඇති ආකාරය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී නිරීක්ෂණය කරන ලදී.

අති නවීන පහසුකම් මඟින් පර්යේෂණ සිදු කරන සංවර්ධන මධ්‍යස්ථානයක් වන මෙහි දී විදුලි වාහන නිෂ්පාදන පහසුකම හා රොබෝ තාක්ෂණය සහ කෘත්‍රීම බුද්ධියේ උසස් යෙදුම් ෑඩ නිෂ්පාදනය සඳහා පමණක් නොව සුහුරු කෘෂිකර්මාන්තය සහ තිරසාර කාර්මික විසඳුම් සඳහා ද භාවිත කරනු ලබයි.