
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඩොලරයේ ඉහළ යාම රටට අහිතකර යැයිද අදම IMF සමග සාකච්ඡා කර අනුප්‍රාප්තික ගිවිසුමක් ඇති කර ගන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ ආකාරයට ඩොලරයේ අගය ඉහළ යාම සම්බන්ධයෙන් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය සියලු පර්ශ්වයන් සමඟ අද සවස සුවිශේෂ සාකච්ඡාවක් පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී කීය.
රජයත් නිදිගැට කඩා මේ තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නිවැරදි සාකච්ඡාවක නිරත වී මහා ඛේදවාචකයක් කරා රටයන ගමන වළක්වාලීමට කටයුතු කළ යුතු බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
සියලු දෙනා අත්වැල් බැද ගෙන ලක්ෂ 220 ජනතාව වෙනුවෙන් යුතුකම ඉටු කරණ ලෙසත් පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් මත පිහිටා අදම IMF සමග සාකච්ඡා කර අනුපාතික ගිවිසුමක් කරා යොමු වන ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආන්ඩුවේ කකුලෙන් අදින, පට්ටපල් බොරු කෙලින, මේ අපත රැල සමග කිසිම සාකච්ඡාවකට යන්න එපා... තමුන්ගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න... මිනිසුන්ට ලෝක තත්වය අවබෝධ කරදෙන්න...
ජපන් පන්තියක් දාන්න කියලා තමයි හරි ආරංචිය තියෙන්නේ...
සජිත්ට පුළුවන් ඉරනෙට කියල හෝමුස් ඇරලා දෙන්න සජිත්ට පුළුවන් ට්‍රම්ප් ට කතා කරලා , ලෝක තෙල් මිල වැඩි වුණාට අපිට විතරක් අඩුකරලා අරන් දෙන්න !! අපේ EXPORT හිරවෙලා ඒවා ටික යවා ගන්න වැඩපිළිවෙලක් ඉරනෙත් එක්ක හදල දෙන්න අපේ රටට එන සංචාරකයෝ අඩු වෙලා ලෝකේ කොයි පැත්තෙන් නැවක් ගියත් නැවු වලට තියෙන ඉන්සූරන්ස් ගාස්තු වැඩි වෙලා. සජිත් ඉන්න කාලේ ඉතිරි කරලා ගියපු ඩොලර් ටිකත් දෙන්න පුළුවන් සජිත්ට පුළුවන් ට්‍රම්ප්ට කතා කරලා, අපිට සහනයක් ගන්න...! මේ වෙලාවේ කරන්න ඕනේ, මිනිස්සු අවුස්සනවාට වැඩිය, රටම එකතු වෙලා, අඩු ආනයන වියදම් තියෙන ජීවන රටාවකට යන එක, තවමත් මිනිස්සු තෙල් භාවිතය අඩු කරලා නැහැ, වාහන ගෙන්වන එක අඩු කරලා නැහැ. පිටරටින් කෑම ගෙන්වන එක අඩුවෙලා නැහැ. විශේෂයෙන් VISA/ MASTER CARD වලින් දවසකට වෙන හැම ගනුදෙනුවකින්ම ඩොලර් ගාණක් පිටයනවා. රජයට/පාර්ලිමේන්තුවට, ආණ්ඩුවට දැඩි තීරණ ගන්න වෙනවා -නැතිනම් මොන ජගත හිටියත් , මේ තත්වේ දිගටම තිබ්බොත් අපි අනාථයි..
පක්ෂයවත් හරියට කළමනාකරණය කරගන්ඩ බැරි නොමේරූ මනසක් තියෙන විපත්ති නායකයාට කරන්න පුළුවන් දෙයක් නැහැ.