
(රොමේෂ් ධනුෂ්ක සිල්වා සහ නිමල කොඩිතුවක්කු )
'කොතලාවල පනත පරදවමු අධ්‍යාපනය මිලිටරීකරණයට එරෙහි වෙමු' යන තේමාව මුල් කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් මෙන්ම සිවිල් සංවිධාන ගණනාවක් එක්ව සංවිධානය කරන ලද විරෝධතා ව්‍යාපාර රැසක් කොළඹ ලිප්ටන් වට රවුම අසලදී අද (05) සවස පැවැත්විණ.
සමගි ජන බලවේගය පැවැත්වූ උද්ඝෝෂණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටි අතර, ජාතික ජන බලවේගය පක්ෂය නියෝජනය කරමින්පැවති විරෝධතාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් , මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය, හිටපු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතාගේ ප්‍රධානත්වයෙන් 43 සේනාංකය නැමැති සංවිධානය මගින් පැවැත්වූ උද්ඝෝෂණය ද ලිප්ටන් වටරවුම ආසන්නයේ පිහිටි බැප්ටිස් දේවස්ථානය අසල දී පැවැත්විණ. හිටපු පළාත් සභා මන්ත්‍රී කීර්ති ශ්‍රී වර්ණසිංහ ,හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ කරුණාරත්න පරණවිතාන ඇතුළු 43 සේනානායයේ ක්‍රියාකාරී සාමාජික සාමාජිකාවන් රැසක් ද එයට එක්ව සිටියහ .
කොතලාවල පණතට විරෝධය දක්වමින් විශ්ව විද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය ද ලිප්ටන් වටරවුම අසල ම විරෝධතාවයක යෙදිණ. ආචාර්ය මහාචාර්යවරු ඇතුළු විශ්වවිද්‍යාලය අධ්‍යයන සේවක මණ්ඩල සාමාජික සාමාජිකාවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මීට අමතරව කම්කරු අරගල මධ්‍යස්ථානය ද තම විරෝධය කොතලාවල පනතට එරෙහිව දක්වන අයුරු ද මෙහි දී දැකගත හැකි විය.පුබුදු ජයගොඩ මහතා ඇතුළු එම මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීන් රැසක් ඔවුන්ගෙ විරෝධතාවය දැක්වීම සඳහා සහභාගි වී සිටියහ.
මෙම විරෝධතා කිහිපය හේතුවෙන් ටවුන්හෝල් ලිප්ටන් වටරවුම අසල යම් රථ වාහන තදබදයක් ද ඇති වූ අතර දැඩි පොලිස් රැකවරණ මෙන්ම කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් කිහිපදෙනෙකු ද මෙම උද්ඝෝෂණ හොඳින් නිරීක්ෂණය කරන අයුරුද දැක ගත හැකි විය .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුරේ...මෙන්න රටට ආදරේ ජනතාව... අනේ කාටද මේ නරි නාටක පෙන්වන්නේ...?
නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීම කළයුතු වුවත් කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන අවස්ථාවක සෞඛ්‍ය උපදෙස් නොතකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද වලට මුවාවී උද්ඝෝෂණ කිරීම සුදුසුද?
සජබයට දැන් ඉතින් "අන්තරේ" සරණයි...
විරෝධය අත්‍යවශ්‍යයි!
හැම දේම දේශපාලනික ව දකින මේ වගේ පිස්සෝ රැලක් එක්ක රටක් හදනව කියන්නේ බොරු වැඩක්.රට දාල යන එක තමා එකම විසඳුම. 2018 දී මුන්ම පනත හදල දැන් එනවා මෙතන නටන්න. වෙන රටවල් දියුණු වෙලා තියෙන විදිය, ඔවුන්ගේ රට පිලිබඳ තියෙන නොබිදෙන ,ප්‍රායෝගික ,ප්‍රගතිගාමී ප්‍රතිපත්ති දැක්කහම ඇත්තටම අපේ රට ගැන කනගාටුවක් ඇතිවෙනවා. 1948 ඉඳල තට්ටු මාරු ක්‍රමයට ආපු දේශපාලන පක්ෂත්, ලොවෙත් නැති මාක්ස් වාදයක් කරපින්නාගෙන රට පුරා කෝලාහල කරලා ,ගිනි තියල දේපල විනාශ කරලා රජවෙන්න බලපු අගති ගාමි පක්ෂත් ඉන්න කල් මේ රට මෙහෙමම තමයි ... එම හේතුව සාධාරණව ඔප්පු වෙනවා , සිංගප්පුරුව ,බංගලිදේශය, දකුණු කොරියාව වැනි 50-60 -70 ව දශකවල,අන්ත දදුප්පත්ව තිබුණු රටවල් දැන් ඉන්න තත්වේ දැක්කහම
මුන් දෙපත් නයි නොවේ දෙපත් ගැරඩින් .නොදකින් මෙහෙමත් කාලකන්නි. රටේ තිබෙන අවදානම උනත් මුන්ට ඔනෑ පට්ටියේ බලය නොවේද? මීහරක්...මුන්ට අනාගතය කියාදේවි අද මේ කරන තුප්පහි වැඩවල ප්‍රතිපල.... උගත් බුද්ධිමත් පුතානෝගේ චයාරුපයක් පේන්නේ නැත්තේ ඇයි ......
ඔබලා නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකක්ද? නොමිලේ උගන්වන, නොමිලේ විස්කෝතු දෙන ,නොමිලේ ඇඳුම් දෙන, නොමිලේ පොත් දෙන එකද? නැතිනම් නොමිලේ උගන්වන විශ්ව විද්‍යාලයේ දෙන 5000 ඩොල් එකටද? ඔබලාගෙ දරුවා රාජකීය, ආනන්ද ,නාලන්ද, ඩී. එස් සේනානායක විද්‍යාල වලට කොටින්ම තමන් කැමති පාසලකට ඇතුලත් කර ගන්න පුලුවන්ද? පාසලකට ඇතුලත් කර ගැනීමට පාසල් අරමුදලට සල්ලි දෙන්න වෙනවා, නැතිනම් ඇමතියෙක් පස්සේ යන්න වෙනවා .එහෙමත් නැතිනම් ප්‍රින්සිපල් සතුටුකරන්න වෙනවා. එත් නැතිනම් දරුවා පාසල ඉදරිපිට වාඩිවී බෝඩ් එකක් අල්ලගෙන ඉන්න වෙනවා. මේවා අපි පුවත් පත් වල කියවන දේවල්. තත්වය මේකනම් ඔහෙලා ඔය කෑගහන නිදහස් අධ්‍යාපනය අපිට එපා හලෝ. අපි අපේ ළමයින් රටට බරක් නොවී ඔලුව කෙලින් තියාගෙන ඉගෙන ගන්න පුද්ගලික පාසල් වලට යවනවා. ඒ ළමයින්ට උසස් අධ්‍යාපනයට විශ්ව විද්‍යාලක් දෙන්න අපි ඒ අධ්‍යාපනයට ගෙවන්නම්. ඔබෙ දරුවන්ට පිනට ඉගෙන ගන්න විශ්වවිද්‍යාල 16 රටේ තිබෙනවා.
සයිටම් ඕනේ කියපු එවුන් දැං මේකට විරුද්ධ වෙනවා . ලැජ්ජා නැති කම තමා. ජවිපෙට තියෙන අයිතිය මෙයාල ට නැහැ.
කොතලාවල විශ්වවිද්‍යාලයට ඇතුලත් වෙන්න පෙර තව පෞද්ගලික පාසල වල් රටට බරක් නොවී මුදල් ගෙවා ඉගෙන ගන්න ළමයි දස දහස් ගණනක් ඉන්නවා . ඒ ළමයින්ට උසස් අධ්‍යාපනයට ඉඩ තිබෙනවාද? ඒ ළමයින්ට ඔහෙලා බෙරිහන් දෙන නිදහස් අධ්‍යාපනය අයිති නැද්ද? අයිතිනම් ඒ ළමයි වෙනුවෙන් කෑගහලා ඔවුනට වෛදය විද්‍යාලයක් , උසස් අධ්‍යාපනයට විශ්ව විද්‍යාලයක් හදා දෙනවකො. තද විනය නීති දමා තිබෙන්නේ ඒ විශ්ව විද්‍යාල වලින් විනය ගරුක මිනිසුන් කොටසක් සමාජයට එවන්න මිසක් බස්, ට්‍රාන්ස්පොමර් ගිනි තියන බැංකු කඩන ජෙප්පෝ බිහිකරන්න නොවේ. අපි දෙමව්පියන් හැටියට තද විනය නීති යටතේ ළමයින්ට අධ්‍යාපනය දෙන්න කැමති ළමයි ඒ තද විනය නීති යටතේ අධ්‍යාපනය ලබන්න කැමති. එහෙමනම් ඔහෙලට තිබෙන පස්සේ අමාරුව මොකක්ද?
මෙම කරුණ ගැන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල්දාල තියෙන කොට , තවදුරටත් සාකච්ඡාවට විවෘත අවස්ථාවක මෙහෙම කරන්නේ අර ගුරුවරුන් යයි කියන දෙවතා පෙලපාලියට උත්තෙජනයක් දිමට නොවෙයිද? වසන්ගතයට ආශිර්වාද කිරීමට නොවෙයිද ?
කොතලාවල විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමට උසස් පෙළ විභාගයෙන් ඉහලම ලකුණු වගේම මුදලුත් ඕනා. ඉතින් දක්ෂ දරුවෝ ඉන්න, සල්ලිත් තියන දෙමවුපියෝ ඩොලර් වියදම් කරලා තමන්ගේ දරුවෝ පිටරට යවන්නේ නැතුව නියම ප්‍රමිතියක් තියන මේ කොතලාවල විශ්වවිද්‍යාලයට ඇතුල් කරන එක කොච්චර හොදද? මේකේ උගන්වන අපේම රටේ ආචාර්ය වරුන්ටත් හොද වැටුපක් ගත්ත හැකිනේ. ඔය උද්ගොෂණයේ ඉන්න සජිත් මහත්තයත් ඉගෙනගත්තේ පෞද්ගලික විද්‍යාලයකනේ , ඉතින් ඇයි මේ කුහකකම්?
මේ මිනිස්සු තමයි වසංගත වැඩි කරන්නේ. ඊට පස්සේ කෑ ගහන්න පුළුවන්නේ. ඔවුන්ගේ එකම බලාපොරොත්තුව රට අවුල්කොට බලය ඇල්ලීම පමණයි.
සජිත් වෙලාවකට හැසිරෙන්නේ වලිගේ කැඩුණු නරියා වගේ. අනික් නරියන්ට කිව්වලු වලිගේ කඩාගනිල්ලා ඒක තමයි හරි කියලා. සජිත් හිතන්නේ එයාට කොරෝනා හැදුණු නිසා අනික් අයටත් හැදෙනවා නම් හොඳයි කියලා වෙන්න ඇති. මේ වගේ රට පුරා සහ ලෝකය පුරාම ඩෙල්ටා පැතිරෙන වෙලාවේ මිනිසුන්ව ඒකරාශි කරවන්නේ. ඕක නම් මනුස්සකමක් නෙවෙයි...