බිමල් ෂ්‍යාමන් ජයසිංහ
යුරෝපීය රටවල් වල සිට මෙන්ම ඉන්දියාවේ සිට මෙරටට පැමිණ වස්කඩුව හා වාද්දුව සංචාරක හෝටල් දෙකක මුදල් ගෙවා නැවතී නිරෝධනයට ලක් වෙමින් සිටි පුද්ගලයන් 86 දෙනෙකු අද දින (14) පීසීආර් පරීක්ෂණයට භාජනය කළ බව කලුතර දිස්ත්‍රික් කොවිඩ් සම්බන්ධීකාරක කලුතර මහා රෝහලේ වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගොඩ මහතා පැවසීය .
ඉකුත් 4 වෙනි දින මෙරටට පැමිණි එම පුද්ගලයන්ගේ නිරෝධනය කාලය අවසන් වීමට ඇත්තේ මෙම මස 18 වෙනි දින බව වෛද්‍ය වරයා කීය.
පීසීආර් පරීක්ෂණ වෛද්‍ය වාර්තාවන් හෙට දින 15 ලැබීමට නියමිත බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ එයාලගෙ කොහොම හරි චෙක් කරල බලල පරිස්සම් කරගන්න.. අනිත් අයට නැතුවට කමක් නෑ.. ඕවටත් සල්ලි ගෙවයි..
සල්ලි ගෙවනවා නම් තව සති දෙක තුනක් ඔන්න ඔහේ තියාගමු. නිකම් තියෙන හෝටලේ නේ....
ලංකාවේ දිනකට රුපියල් 1000 පටන් ගත්තම රුපියල් ලක්ෂ ගණනින් කාමරයකට අයකරන සංචාරක හෝටල් තිබෙනවා. අපට අවශ්‍ය නම් මෙම හෝටල් සෞඛ්‍ය බලධාරීන්ගේ අධික්ෂණය යටතේ නිරෝධන මධ්‍යස්ථාන ලෙස සකස් කර මුදල් අයකර විදේශික සංචාරකයන් , පිටරට ඉගෙන ගන්න සිසුන් , විදේශ වල සේවය කරන ශ්‍රී ලංකික ශ්‍රමිකයන් වැනි සියලුදෙනාම නිරෝධනය කර රට තුලට ඇතුල් කරගත හැක. මෙසේ කරනවිට තමන්ගේ අතේ ඇති මුදලට නිරෝධන හෝටලයක් තෝරා ගැනීමට ඔවුන්ට ඉඩ දිය හැක. මුදල් ගෙවීමට අකමැති පුද්ගලයන් රජයේ දැනට තිබෙන නිරෝධන මධ්‍යස්ථාන හරහා රට තුලට ගන්න පුළුවන්.... කාමර වෙන්වෙන් වශයෙන් තිබෙන නිසා සංචාරක හෝටල් නිරෝධන මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීම ඉතා සාර්ථක ක්‍රමයකි. මුදල් තිබෙන පුද්ගලයන් තම නිරෝධනයට යන මුදල තමන් විසින්ම ගෙවන නිසා රජයට විශාල ඉතුරුවක් සිදුවේ....