IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීමට ශ්‍රී ලංකන් ව්‍යාපෘතියක් අරඹයි

වසංගත තත්ත්වය හේතුවෙන් පසුබෑමකට ලක්ව තිබූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා විශේෂ අලෙවිකරණ වැඩසටහනක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ආරම්භ කර තිබේ. Next Door Neighbor යනුවෙන් නම් කර ඇති මෙය ඉන්දියානු සංචාරකයන්ගේ ආකර්ශනය දිනා ගැනීම අරමුණු කර ගනිමින් නිර්මාණය කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය අලෙවිකරණ සන්නිවේදන ප්‍රයත්නයන්හි ගෝලීය ආකර්ශනීය බව අඛණ්ඩව සනාථ කරමින් පසුගිය වසරේ 2020 PATA  සම්මාන උළෙලේ දී රන් සම්මානයෙන් පිදුම් ලැබීය. මෙහි දී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලෙවිකරණ ව්‍යාපාරය යටතේ ඉදිරිපත් කළ Next Door Neighbor සහ Serendipity Next Door යන අලෙවිකරණ ව්‍යාපාරයට ‘අලෙවිකරණ වාහකයා’ තේමාව යටතේ මෙම රන් සම්මානය හිමිවිය.

මේ වන විට සම්පූර්ණයෙන්ම කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන ඇති සංචාරකයන්ට නිරෝධායනය සහ පැමිණීමේ දී විශේෂ පරීක්ෂාවකින් තොරව ඔවුන්ගේ අපේක්ෂිත ගමනාන්ත වල අත්දැකීම් ලබා ගැනීමට හැකියාව පවතියි. ඒ අනුව දැනටමත්  ශ්‍රී ලංකාවට ඇතුළුවීමේ රෙගුලාසි ලිහිල් කර ඇති මොහොතක ගුවන් සමාගම ගෝලීය වශයෙන් පිළිගත් ප්‍රචාරණයක් මෙලෙස නැවත ආරම්භ කර තිබේ. වර්තමානයේ දී, ඉන්දියාවේ  පුරවැසියන්ගෙන් මිලියන 279 ක් ඒනම් මුළු ජනගහනයෙන් සියයට 20 කට වඩා වැඩි ප්‍රමාණයක් එන්නත් ලබා ඇති සිටින අතර එමඟින් ජාත්‍යන්තර සංචාර සඳහා නැවත පිබිදීමක් ඇති වී තිබේ.

ශ්‍රී ලංකාවට සංචාරක පැමිණීම් පිළිබඳ දත්ත අනුව ඉන්දියාව ප්‍රමුඛතම සංචාරක වෙළෙඳපොළ පහෙන් එකක් වී ඇති අතර, 2019 මුළු සංචාරක පැමිණීමේ සංඛ්‍යාවෙන් සියයට සියයට 18 කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්දියානුවන් වීම විශේෂත්වයක්. ඒ සඳහා  ශ්‍රී ලංකන් ගුවන් සේවාව  විශාල ශක්‌තියක් ලබා දෙන ලදී. පසුගිය වසරේ පළමු ගෝලීය සංචාරක අගුලු‍ දැමීම සිදු වන අවස්ථාවේ දී, ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දියාවේ ප්‍රධාන නගර 11 ක් වෙත සතියකට ගුවන් ගමන් 100 කට අධික ගණනක් ක්‍රියාත්මක කළ අතර, වර්තමානයේ දී ගුවන් සේවාව ඉන්දියාවේ නගර 9 ක මෙහෙයුම් ආරම්භ කර තිබේ. ඉදිරියේ දී ගුවන් සේවය සංචාරකයන්ගේ සම්බන්ධතාව  සහ ගුවන් සංඛ්‍යාත වැඩි කිරීමේ අපේක්ෂාවෙන් සිටියි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙම නව සංචාරක ප්‍රවර්ධන වැඩසටහන ඉන්දියාවේ ප්‍රධාන නගර 8 ක ගුවන්විදුලි නාලිකා, දැන්වීම් පුවරු සහ ඩිජිටල් මාධ්‍ය හරහා මාස තුනක කාලයක් විකාශනය කිරීමට කටයුතු සැලසුම් කර තිබේ.

මෙම ප්‍රචාරණ ඉන්දියානු සංචාරකයන්ට වෙන කවරදාටත් වඩා ශ්‍රී ලංකාව නැරඹීමට කෙරෙන ආරාධනයක් වේ.



අදහස් (2)

සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීමට ශ්‍රී ලංකන් ව්‍යාපෘතියක් අරඹයි

ලක්සිරි Wednesday, 03 November 2021 12:04 AM

කතාව විතරයි... හැමදාම පාඩුපිට යන්නේ... දෙන්න බැරිද සම්මානයක් පාඩුපිට යන ගුවන් සේවය ලෝකයේම කියලා...

:       0       5

de silva berlin Thursday, 04 November 2021 03:16 AM

ගුවන් ටිකට් මිල අනෙක් සමාගම් වලට සාපේක්ෂව වැඩි අගයක් ගනී. නමුත් ශ්‍රී ලාංකික මගීන්ට ලබාදෙන්නේ කුඩම්මාගේ සැලකිලි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site