(කාංචන කුමාර ආරියදාස)
ලෝක උරුමයක් වූ සීගිරියේ ඇති බිතු සිතුවම් සහ කැටපත් පවුරේ ඇති කුරුටු ගීත ලේසර් කිරණ මගින් ත්‍රිමාණ ප්‍රතිරූප බවට පත්කිරීමට වැඩ පිළිවෙළක් මේ දිනවල ආරම්භ කොට ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි. ජර්මනියේ හැම්බර්ග් විශ්ව විද්‍යාලය , මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කැලණිය විශ්ව විද්‍යාලය එක්ව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.
සීගිරියේ බිතු සිතුවම් සහ කුරුටු ගීත ලේසර් තාක්ෂණය යොදාගෙන පිටපත් කෙරෙන නිසා ජනතාව දැනුවත් කරමින් එය කිරීමට තීරණය කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කර සිටී.
විෂයභාර අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ , මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන, කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය බී .ඩි නන්දදේව, ජර්මනියේ හැම්බර්ග් විශ්වවිද්‍යාලයේ ආචාර්ය මැක්ස් යන මහත්වරු අද (14) මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව ප්‍රකාශ කළහ.
ලෝකයේ විවිධ ස්ථාන මෙන්ම ශ්‍රී ලංකාවේ දළදා මාලිගාවේ ද මේ ආකාරයෙන් බිතුසිතුවම් ත්‍රිමාණ රූප ලෙස ප්‍රතිනිර්මාණය කළ බවත් බිතුසිතුවම් වලට හානියක් සිදු නොවන ආකාරයෙන් මෙම කටයුතු කරන බවත් මහාචාර්ය නන්දදේව මහතා පැවසීය.
මෙම ලේසර් කිරණ මගින් බිතුසිතුවම් වල සහ කැටපත් පවුරේ ඇති සියලු ස්ථාන ත්‍රිමාණ ආකාරයෙන් පිටපත් කෙරෙන බවත් එහිදී ගලේ සිදුකෙරෙන සිදුවන විනාශකාරී දේ හා වෙනස්වීම් අනාවරණය කර ගැනීමටත් එමෙන්ම ඉදිරියේදී යම්කිසි හානියක් සිදුවන්නට යන්නේ නම් එයද හඳුනා ගැනීම මෙමගින් සිදු වෙන බවත් හෙතෙම සඳහන් කළේ ය. කැටපත් පවුරේ කියවා ගැනීමට නොහැකි සියුම් ස්ථානවල ඇති කුරුටු ගීත පවා කියවා ගැනීමට මෙම තාක්ෂණය උපකාරී වනු ඇතැයි ද හෙතෙම සඳහන් කෙළේය.
එමෙන්ම මෙහිදී ලබාගන්නා සජීවී පිටපත් සිගිරි පව්වට නැගීමට නොහැකි ආබාධිත අය වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීමට හැකිවනු ඇති බව හෙතෙම කිවේය.
මෙම ත්‍රිමාණ ලේසර් කිරණ මගින් බිතුසිතුවම් වලට කිසිදු හානියක් සිදු නොවන ආකාරයකින් ජර්මනියේ තාක්ෂණය යොදාගෙන සිදු කරන බවද පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලේසර් වලින් සිතුවම් ප්‍රතිනිර්මාණය කරන්න නම් හොඳ නැහැ. එතකොට සීගිරි ලලනාවෝ බෝනික්කන් වෙනවා. අර කඩවල්වල හිටවලා තියන ඩමී වෙනවා. මේ වැඩේ මේ අය කරන්නේ නිධන් හොයන්නද කොහෙද? ගල ඇතුලේ යමක් තියනවද කියලා බලන්ඩත් පුළුවන්ලු ලේසර් වලින්... මේකට විරුද්ධ වෙන්න ඕනේ...
ඕන එකටත් නැති එකටත් මේ නව තාක්ෂනය ගිහිල්ලා හැම තැනම කා ගන්නවා ඉතිහාසය කියන්නේ අපිට ඕන වෙලාවට ගේ ඇතුලේ ත්‍රිමාණ දසුනක් මවා ගන්න එක නෙමේ නේද අර කිව්වා වගේ නිදන් හොයන්න බැරි කමකුත් නෑ නේද.? හොයන්නකෝ අලි ටික ගම් වදින එක නවත්තන්න ක්‍රමයක්.
දැන් අපේ අය ඕක හොයන්නේ බලන්නේ නැතුව ඕකට විරුද්ධ වෙයි, , අදාළ තාක්ෂණ ගැන කිසිම දැනුමක් නැතුව ගත්තු කටට එපා කියයි