IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සෞඛ්‍ය විෂය හරියට උගන්වන්නේ නෑ කීවාට වෛද්‍යවරයාගේ දරුවාට බූරුවා කියා බැනලා

(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්) 

පානදුර ජනප්‍රියම පිරිමි පාසලක පාසල් සංවර්ධන සමිතියේ දී සෞඛ්‍ය විෂය හරියට උගන්වන්නේ නැතැයි වෛද්‍ය පියෙකු පැවැසුවැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගුරුවරිය විසින් වෛද්‍යවරයාගේ දරුවාට බූරුවා කියා බැනවැදුනට එරෙහිව ලද පැමිණිල්ලක් අනුව පානදුර දකුණ පොලිසිය  පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අදාල ජනප්‍රිය  පාසලේ 8 වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ පියා වන පානදුර රජයේ රෝහලක වෛද්‍යවරයෙකු  විසින් කල  පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය කීය.

පාසලේ පසුගිය දිනක පැවැත්වූ පාසල් සංවර්ධන සමිතියයේදී, සිය පුතා ඉගෙනුම ලබන පංතියේ සෞඛ්‍ය විෂය හරියට උගන්වන්නේ නැති බවට පැමිණිලිකාර  වෛද්‍යවරයා දැනුම් දී තිබේ. ඒ බව පාලන අධිකාරීය විසින් ගුරුවරිය දැනුවත් කර ඇති අතර , පසු දිනක පංතියට පැමිණි ගුරුවරිය කාගේ තාත්තාද මම  උගන්වන්නේ නෑ තියෙන්නේ යනුවෙන් විමසා අදාල දරුවා ඉලක්ක කර යකෝ, බූරුවා යනුවෙන් වචන භාවිතා කරම්න් බැන වැදුන බවට ප්‍රකාශ කර ඇතැයි පොලිසිය සදහන් කරයි.

පැමිණිල්ල විභාග කිරීම සදහා දෙපාර්ශවය පොලිසියට කැදවා තිබූ අතර , සිද්ධිය සමතයකට පත්කර ගැනීම සදහා විදුහල්පතිනිය, පාසලේ ස්වාමීන් වහන්සේ නමක ඇතුළු පිරිසක් පැමිණ සිටී අයුරුද දැකගත හැකිවිය.

මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්‍යාංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අයි.එස්. කුමාරසිංහ මහත්මිය සහ කොස්තාපල් මාලී (7530) පරීක්ෂණ පවත්වති.



අදහස් (9)

සෞඛ්‍ය විෂය හරියට උගන්වන්නේ නෑ කීවාට වෛද්‍යවරයාගේ දරුවාට බූරුවා කියා බැනලා

තිස්ස Thursday, 27 April 2023 06:46 PM

සෞඛ්‍ය විෂය පමනක් නොව බහුතර පාසැල් ප්‍රමානයක සියලු විශයන් හරියට උගන්වන්නේ නැති බව ප්‍රසිද්ද රහසකි

:       1       10

නිහාල් Thursday, 27 April 2023 06:58 PM

වෛද්‍යවරයාගෙන් දරුවන්ට හැර අනෙක් දරුවන්ට බූරුවා කියා බැනීම හරි ද? ප්‍රවෘත්තියේ හැටියට නම් අපිට හිතෙන්නේ එහෙම.

:       10       2

අබරන් Thursday, 27 April 2023 07:45 PM

මොලයක් නැති බූරු දෙනවල් තමයි ඉන්න තරමක් ඉන්නේ ලංකාවේ පාසල් වල උගන්නන්න. මොකද එල්ලෙන්න වැල් නැති වෙලා රස්සාවක් හොයාගන්න බැරිව ඉන්නකොට කරන්න පුළුවන් ලේසිම දේ තමයි උගන්නන එක. ඊට පස්සේ ගෙදර හරි කොහේ හරි මඩුවක් ගහගෙන තව හවසට ටියුෂන් කරනවා.

:       0       8

වාදයෙන් උපන් කුමරා Thursday, 27 April 2023 08:31 PM

සියවසක් ඉක්මවුවද සැමදා පාසලේ තිබු ප්‍රශ්නයක් ඕක. එක්තරා කාලේක සෞඛ්‍යම උගන්වන්න හිටපු ගුරුවරයෙක් ළමයින්ට නොසැහෙන්න කරදර කලා. අදටත් ඒ ගුටිකාපු ළමයි දන්නැ ගහන්න හේතුව. නමට බෞද්ධ පාසලක් උනාට උනේම ලමයිට අකටයුත්ත.

:       0       7

ana Thursday, 27 April 2023 10:11 PM

හරියට බේත් කරන්නේ නැහැ කීවොත් නම් බලා ගන්න පුලුවන්.

:       4       2

ගයාන් රසාංග විජේසුන්දර Thursday, 27 April 2023 10:24 PM

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ සෞඛ්‍ය ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරිය. උගන්වන්නෙ නෑම තමයි. මාස ගානකින් පන්තියට අඩියක් තියලා නෑ. මගේ අක්කගෙ පුතත් ඉංග්ලිශ් මීඩියම් කරන්නෙ. සමහර ගුරුවරු ඉතා හොඳින් උගන්වනවා. ඒත් ඔය කියන සෞඛ්‍ය ගුරුතුමිය කොයිවෙලේ බැලුවත් ග්‍රවුන්ඩ් එකේමයි. ළමයින්ට කතා කරන විදියත් අන්තිම පහත් ලු. දැනට ඉන්න වැඩ බලන විදුහල්පති තුමිය මෙයාගෙ යාලුවෙක් නිසා මෙයා ගැන පැමිණිලි කලාට වැඩක් නෑලු.

:       1       9

සචින්ත Friday, 28 April 2023 05:28 AM

ඔය ඉතින් අප්පලාගෙ ලොකුකම ළමයිනුත් ඔලුවට අරගෙන කියලා කියන්න පුළුවන් ඉතින් ගුරුතුමිය බූරුවන්ට බූරුවො නොකියා අශ්වයා කියන්නද

:       15       3

Yaka Friday, 28 April 2023 10:00 AM

හැම ලොකු පාසලකම තත්වය ඕකම තමයි.හොඳට හොයලා බලන්න .දවසට පීරියඩ් 3 කට 4 කට වඩා උගන්වන්නේ නැහැ

:       0       11

කොන්දොස්තර Friday, 28 April 2023 11:28 AM

මේ ළමයා අට වසරේ ඉගෙනුම ලබමින් කියන්නේ ගුරුවරු උගන්නන්නේ නැහැ කියලා එහෙම කියන්න නම් ළමයාට ගුරුවරියට වඩා ඉගැන්වීම සම්බන්ධයෙන් දැනුමක් තියෙන්නම ඕනෑ... ඇත්තටම ගුරුවරියක් සතියේ දින පහක් එම විෂය ඉගැන්වීම කළොත් ගතවෙන කාලය විනාඩි 200ක් වෙනවා. ඒක පැය තුනකුත් විනාඩි විස්සකට වැඩි නැහැ.. ඒ අතර ළමයින් තිහකට වඩා සිටින පන්තියේ එක ළමයෙක් වෙනුවෙන් කටයුතු කරන්න ගුරුවරියට තබා වයිමාටවත් බැහැ. ඒ දොස්තර පියා දරුවන් සමග එයට වැඩිකාලයක් ගතකරන අතර සමහර කරුණු අතින් එම පියා ගුරුතුමියට වඩා දැනුමක් තියෙන අයෙක් වෙන්න ඉඩ තියෙනවා. බණ්ඩාරනායක සිතුවිලි අනුව (වැටුප් හා දීමනා අතින් අහසට පොළව වගේ දුරස්ථ වුණත්) සමාන තත්වයේ අය තමයි ඇයි ඔහුට තමන්ගේ දරුවන්ට අධ්‍යාපනයේ යම් අඩුපාඩුවක් ඇත්නම් නිවැරැදි කරන්න බැරිද?

:       6       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site