(නිමන්ති රණසිංහ සහ ඉන්දිකා රාමනායක)
මුහුණු ආවරණයක් පැළඳ ගන්නැයි අවවාද කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට උදැල්ලකින් ගැසූ බව කියන වාලච්චේන ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පහර කෑමට ලක්ව තුවාල ලද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වාලච්චේන රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඔහු මඩකලපුව රෝහලට මාරු කර යවා ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
රාජ්‍ය නිලධාරියකුගේ රාජකාරියට බාධා කරමින් ඔහුට අඩන්තේට්ටම් කිරීම, පහරදීම, බලපෑම් කිරීම, සාපරාධී බලහත්කාරය පෑම යන යන කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය ඉතා දැඩි ලෙස නීති ක්‍රියාත්මක කරනු ලබන අතර එම පුද්ගලයන් නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් ලබාදෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුණු ආවරණයක් පැළඳ ගන්නැයි අවවාද කළ පසු සැමියා පහර දුන්නායැයි පොලිසියට බොරු කියා රැයක් සැමියාව රිමාන්ඩ් කරවපු පුවතක් දාලා තියෙනවා 2020 මාර්තු මාසයේ කොළඹට ආසන්න පොලිසියක... පොලිසිවලට අවවාද කරන්න ගැහැණියක් වූ පමණින් සත්‍ය යයි පිළිනොගෙන සොයාබලා වැළකීමෙන් කොරෝනා කාලයේ කටයුතු කරන ලෙස...
මාස්ක් එකක් පළදින්න ඕන අසනීපයක් තියෙන කෙනෙක් විතරයි.