
(අංජුල මහික වීරරත්න)
නීති ගරුක සහ ශික්ෂිත පරපුරක් නිර්මාණය උදෙසා අධ්‍යාපන ක්ෂේත්රයේ යටිතල පහසුකම් ප්‍රවර්ධනයට රජයේ පූර්ණ සහය දෙන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
මොරටුව වේල්ස් කුමර සහ කුමරි විද්‍යාලවල 150 වන සංවත්සර සැමරුම් උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව කීය.
සියවස් එකහමාරක ඓතිහාසික ආචාරධර්මීය සහ නීතිමය උරුමයකට හිමිකම් කියන පාසල් පද්ධතිය තුළින් විනයගරුක, ශික්ෂිත මෙන්ම රටේ නීතියට ගරු කරන අනාගත පරපුරක් බිහිකිරීම අත්‍යවශ්‍ය කරුණක් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
1876 වසරේදී ශ්‍රීමත් චාල්ස් හෙන්රි ද සොයිසා මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ වූ මෙම විද්‍යාල ද්විත්වය, වසර 150ක අභිමානවත් ඉතිහාසය තුළ මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරවරුන්, ප්රමුඛ පෙළේ නීතිඥවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් මෙන්ම ක්ෂේත්‍ර ගණනාවක විශිෂ්ටයින් රටට දායාද කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් (Andrew Patrick), වේල්ස් කුමර විද්‍යාලයේ විදුහල්පති කපිතාන් වසන්ත කුමාර වඩුගේ, වේල්ස් කුමරි විද්‍යාලයේ විදුහල්පතිනී තිළිණි විජේවීර මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd