
(අංජුල මහික වීරරත්න)
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියාව සඳහා වන 78 වන කලාපිය කමිටුව ලබන සතියේ කොළඹදී පැවැත්වීමට තීරණය කර ඇත.
ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා හරහා සෞඛ්‍ය සම්පන්න වයස්ගත වීම සහ දුම් රහිත දුම්කොළ වලට එරෙහිව සටන් කිරීම මෙම සැසියේදී සෞඛ්‍ය නායකයින් සාකච්ඡා කරනු ලබන කරුණු අතර ප්‍රමුඛ වේ.
ඔක්තෝබර් 13 සිට 15 දක්වා පැවැත්වෙන මෙම සැසිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියාවේ 78 වන කලාපිය කමිටු සැසියයි.
අග්නිදිග ආසියානු කලාපීය සෞඛ්‍ය හදිසි අරමුදලේ සංචිතය පුළුල් කිරීම සහ ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධයට එරෙහි ක්‍රියාමාර්ග වේගවත් කිරීම පිළිබඳව සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙහිදී සාකච්ඡා කරනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අට්නාම් ගෙබ්‍රෙයිසස්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියා ආයතන භාර නිලධාරී වෛද්‍ය කැතරිනා බොමේ ඇතුළු අනෙකුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් ඉදිරි වසර සඳහා කලාපයේ සෞඛ්‍ය න්‍යාය පත්‍රය සකස් කිරීම සඳහා මෙම සැසියට සහභාගී වනු ඇත.
මෙම කලාපීය සමුළුවේදී ප්‍රමුඛ සෞඛ්‍ය ගැටළු පිළිබඳ යෝජනා සම්මත කර ගැනීමටත්, පෙර වසර වල යෝජනා වල ප්‍රගතිය සමාලෝචනය කිරීමටත් අපේක්ෂා කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd