
(යොහාන් භාසුර, තිස්ස කොටින්කඩුව,ගම්පහ තිලකරත්න දිසානායක )
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනිම සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය කාර්යාලය අසලට ආ පිරිසට එන්නත් නොමැතිව ආපසු යාමට සිදූ වූ බව අප වාර්තා කරුවෝ පවසති.
එන්නත ලබා ගත හැකි ස්ථාන අතරට ජාඇල,ගම්පහ සහ පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් නම් කර තිබු ද පෙරවරු කාලයේ එම ස්ථානවල එන්නත් ලබාදීමේ කටයුතු ආරම්භ කර නොතිබුණි.
ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ලාල් විජේසිංහ මහතා ගෙන් මේ පිලිබදව කළ විමසීමේදී මෙසේ පැවැසීය.
ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි මාත්‍රාව ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල පරිශ්‍රෙය්දි ලබා දෙන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය දැනුම්වත් කර නැහැ.
ලබන සතිය පුරා ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාදීමට කටයුතු කරන නිසා අනවශ්‍ය කලබලවීම් හෝ තදබදයක් අවශ්‍ය වන්නේ නැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටහිර බෙහෙත් වලට කරන්න බැරිදෙයක් නැහැ කිව්වා නේද.?
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධානම රෝහල වන උතුරු කොළඹ ශික්ෂණ රෝහලේද අද දිනයේ මෙම එන්නතේ දෙවන මාත්‍රාව ලබා දුන්නේ නැත. ඔවුන් පවසා සිටියේ එන්නත් ලැබී නැති බවයි. අපිට මෙම එන්නත මුල් මාත්‍රාව ලබා දුන්නේ පෙබරවාරි මාසයේ. තවත් දින දින එය ප්‍රමාද කිරීම නොකළ යුත්තක්.