IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


සෞඛ්‍ය කාර්ය මණ්ඩල අදත් පෝලිම්වල

(ඩයනා උදයංගනී)

රෝහල් හා සෞඛ්‍ය ආයතනවල වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලවලට ඉන්ධන ලබාදීම සඳහා අද (1) රටපුරා ඉන්ධන පිරවුම්හල් 92කදී සිදුකෙරුණු අතර, ඒවායින් ඉන්ධන ලබාගැනීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඊයේ (30) රාත්‍රියේ සිටම දිගු පෝලිම්වල රැඳී සිටීම හේතුවෙන් රෝහල් කටයුතු රැසක් ද අඩාල වූ බව වාර්තා විය.  

වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලවලට වෙන් කරන ලද පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගැනීමට ද පැය ගණනක් පෝලිම්වල බලා සිටීමට සිදුවීම නිසාත්, ඉන්ධන ලබාගැනීමට වෙනත් දිනයක් නොමැති නිසාත් රෝගී ප්‍රතිකාර කටයුතු හැකිතාක් කළමනාකරණය කරගනිමින් ඉන්ධන ලබාගැනීමට සිදුවූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

මේ හේතුවෙන් ගම්පහ මූලික රෝහල ඇතුළු රෝහල් ගණනාවක බාහිර රෝගී ප්‍රතිකාර ඒකකවල කටයුතු අඩාල වී තිබූ බව වාර්තා විණියැයි අලුත්ගේ මහතා කීවේය.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා වෙන්කර තිබූ ගාල්ල කොටුව, අක්කරෙයිපත්තු, නාවින්න සහ මාතර මැද්දවත්ත යන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේදී සාමාන්‍ය ජනතාව ද පැමිණ ඉන්ධන ඉල්ලා සිටීමෙන් ගැටලු ඇතිවූ බව  වෛද්‍යවරයා සඳහන් කළේය.
පසුව යුද හමුදාව සහ පොලීසිය මැදිහත්ව ජනතාවට කරුණු පැහැදිලි කර දී සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඉන්ධන ලබාගැනීමට අවස්ථාව සලසා දුන් බව හෙතෙම කීවේය.

එමෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඉන්ධන නිකුත් කිරීම සඳහා වෙන්කර තිබූ ඇතැම් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වෙත අද (1) දහවල් වන තුරුත් ඉන්ධන නොලැබී තිබූ බව කී අලුත්ගේ මහතා ඒ හේතුවෙන් ද සෞඛ්‍ය කාර්ය මණ්ඩල පෝලිම්වල රැඳී සිටිමින් දැඩි පීඩාවට පත්වූ බව සඳහන් කළේය.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට වෙන් කර තිබූ පිරවුම්හල්වලින් කසල ප්‍රවාහන රථවලට ඉන්ධන ලබාගැනීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ක්‍රියා කර තිබූ බවත්, ඒ හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ලබාදීමට ඉන්ධන ප්‍රමාණවත් නොවිය හැකි නිසා තව ඉන්ධන බවුසරය බැගින් ඒ වෙත යොමු කරන්නැයි තමන් ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉල්ලීමක් කළ බව ද වෛද්‍යවරයා පැවසීය.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට පෝලිම්වල රස්තියාදු නොවී ඉන්ධන ලබාගැනීමේ වැඩපිළිවෙලක් ලබන සතියේදීවත් සකස් විය යුතු බව ද හෙතෙම කීවේය.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට හා රෝහල්වලට ඉන්ධන නොමැතිවී රෝහල් පද්ධතිය බිඳ වැටුණහොත් එයින් පීඩාවට පත්වන්නේ සහ ජීවිත අවධානමක් මතුවන්නේ තමන්ට බව ජනතාව තේරුම්ගත යුතු බව ද හරිත අලුත්ගේ මහතා පැවසීය.

රටපුරා ඇති ඉන්ධන පිරවුම්හල් 1,300කින්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඉන්ධන ලබාදීම සඳහා සතියකට එක් දිනයක් පමණක් වෙන්කරන්නේ පිරවුම්හල් 92ක් පමණක් බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ඉකුත් සිකුරාදා ද රටපුරා ඉන්ධන පිරවුම්හල් 84ක් වෙන්කර තිබූ අතර, එදින ද නිසි පරිදි ඉන්ධන නොලැබීම හේතුවෙන් ගැටලුකාරී තත්වයක් මතුවී රෝහල් රැසක කටයුතු අඩාල වී තිබිණි.

(ඡායාරූප: සනත් ගමග‌ේ)


(ඡායාරූප: පුෂ්පකුමාර මල්ලවආරච්චි)



අදහස් (1)

සෞඛ්‍ය කාර්ය මණ්ඩල අදත් පෝලිම්වල

Bamunuarachchi Saturday, 02 July 2022 08:23 AM

සෞක්‍යකාරයින් යාලුමිත්‍ර සියලු දෙනාටම තෙල් සපයලා ගෙදරත් තෙල් ස්ටොක් කරනවා. රාජකාරියට යන්නේ නැහැ.. තෙල් පෝලිමේ ඉන්නවා. වින්නඹු අම්මලා, සාත්තු සේවකයෝත් කාර්වලට තෙල් ගහගන්න පෝලිමට ඇවිල්ලා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 24 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 929 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site