IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සක්විතිට සිරදඩුවම්

(මනෝප්‍රිය  ගුණසේකර)

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය  ආයතනයක් පවත්වාගෙන ගොස් අධික පොලියක් ලබා දෙන බව පවසා මුදල් පිළිබඳ විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් හෝ චෝදනාවන්ට වරද පිළිගත් සක්විති රණසිංහට  වසර 22 බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රනරාජා මහතා එය වසර පහක කාලයකට අත්හිටුවීමට  අද (14) නියම කළේය.

විත්තිකරුට එරෙහිව නගා තිබූ චෝදනා එකොළහකට ඔහු වරද පිළිගත් හෙයින් එක් චෝදනාවකට වසර දෙක බැගින් චෝදනා එකොළහට වසර 22 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා රුපියල් 2,75,000 ක දඩයකට ද ඔහු යටත් කළේය.

මෙම නඩුවේ එක් චෝදනාවකට වරද පිළිගත් සක්විති රණසිංහ මහතාගේ බිරිඳට ද වසර දෙකක සිර දඬුවමක් නියම කොට එය වසර පහකට අත්හිටුවීමට නියම කළ විනිසුරුවරයා රුපියල් 25,000 ක දඩයක් ද ඇයට නියම කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් අධික පොලියක් ලබා දෙන බව පවසා මුදල් පිළිබඳව සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා කරමින් සක්විති රණසිංහට එරෙහි නඩුවේ අධිචෝදනා පත්‍ර කීයවා දුන් අවස්ථාවේදී අදාළ චෝදනාවට තමන් වරදකරු බව සක්විති රණසිංහ මහතා මෙන්ම ඔහුගේ බිරිය ද අධිකරණය හමුවේ පිළිගත්තාය.

ඒ අනුව එක් එක් චෝදනාවට වසර දෙක බැගින් චෝදනා 11 ට වෙන වෙනම බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම සිර දඬුවම වසර 5 ක කාලෙකට අත්හිටුවීමට ද නියම කළේය.

ඊට අමතරව එක් එක් චෝදනාවට රුපියල් 25000/- බැගින් දඩ නියම කළ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව මාස 6 බගින් ලිහිල් සිරදඬුවම් නියම කළේය.



අදහස් (7)

සක්විතිට සිරදඩුවම්

කිරිපතා Wednesday, 14 September 2022 11:13 PM

අත් හිටවූ හිර දඬුවම් කියන්නෙ දඬුවමක් ඇත්තෙම නෑනෙ. කවුරුත් හිරේ වැටෙන්න කියලා පතනව නෙවෙයි. නමුත් මේ තරම් කෝටි ගාණක වංචාවක් දැන දැන කරපු අයට දඬුවම් නැති වුණාම වෙන කෙනෙක් බය වෙයිද එවැනි වංචාව කරන්න

:       0       12

ලුම්බිණි Thursday, 15 September 2022 04:42 AM

මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගිහිපු එකට මොහු හිරේ. මහබැංකුව හොරකම් කළා නම් රජ සැප.

:       2       12

මොට්ටපාල Thursday, 15 September 2022 08:54 AM

නොදන්නා නිසා පමණක් නොවෙයි නොතේරෙන නිසා අහන්නෙ .අවුරුදු 22 සිර දඩුවමක් අවුරුදු පහකට අත් හිටෙව්වනම් අවුරුදු පහ අවසානයේ මොකද වෙන්නෙ පැහැදිලි කලොත් ඉතාමත් වටිනවා මට තේරෙන්නෙ අවුරුදු පහක් අවසානයේ දඩුවම ක්‍රියාත්මක වෙනවා කියලා

:       2       10

චින්තක Thursday, 15 September 2022 10:16 AM

දක්ෂ ගුරුවරයෙක් අපරාදේ ,වැඩි තන්හාව නිසා සිද්ද වුනු දේ

:       0       8

rocky Thursday, 15 September 2022 12:21 PM

මිනිහගෙ වංචාවට ගොදුරු වෙච්ච මෝඩයන්ට හුළං . සමහරවිට ආණ්ඩුවෙ ලොකු තනතුරක් හම්බවෙන්නත් පුළුවන්.

:       1       5

විපරමා Thursday, 15 September 2022 04:15 PM

මහ බැන්කු බැදුම්කර හොරාකාපු ,රටේ ඩොලර් ගිලපු දූෂිත දේසපාලුවන්ට කිසිම අවුලක් නැහැ.. කියන්නේ නම් එක රටක එක නීතියක් ලු ?

:       0       2

Hafeel Thursday, 15 September 2022 05:19 PM

එහමනම්, ඇලෝසියස්ලාටත් අත්හිටු දඬුවම් තමා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 219 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site