භාරත සිනමාවේ පරිණත නිළියක වන ෂබානා අස්මි මහත්මිය මුම්බායි- පූනේ අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.
අස්මි මහත්මියගේ රියදුරා සිය මෝටර් රථය ට්‍රක් රථයට ඉස්සර කිරීමට යාමේදී අනතුර සිදුව ඇත.
ඇය රියදුරු අසුනට යාබද අසුනේ සිටි බැවින් ගෙල, කම්මුල සහ ඇස ආසන්නයේ සුළු තුවාල සිදුව ඇති බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.
ප්‍රවීණ ගීත රචකයකු වන ඇගේ සැමියා, ජාවඩ් අක්තර් ඇගේ රථය ආසන්නයෙන් වෙනත් රථයකින් ගමන්කරමින් සිට ඇත.
අනතුරින් තුවාල ලැබූ ෂබ්නා මහත්මිය නවී මුම්බායි පිහිටි රෝහලෙහි දැඩි සත්කාර ඒකකට ඇතුළත් කර ඇති අතර මේ වනවිට ඇය සුවවෙමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
(හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරනි)
16844


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd