
(නිමන්ති රණසිංහ)
ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළව ප්‍රවීණ ඉංග්‍රීසි ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් මහතාගේ ඩී එන් ඒ වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය රජයේ රස පරීක්ෂකවරයාට අද (24) නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළව අධිකරණයෙන් පත් කළ කොළඹ විශ්ව විද්‍යාලයේ වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබද මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම පංච පුද්ගල විද්වත් මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඉල්ලීම මත අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
එම විද්වත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය අසේල මෙන්ඩිස් සහ රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩී. සී. ආර්. පෙරේරා මහත්වරුන් අද (24) අධිකරණය හමුවේ පෙනී සිටිමින් මෙම ඉල්ලීම සිදුකළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd