(ඩයනා උදයංගනී)
එළඹෙන මහ මැතිවරණයේ දී ‘පොහොට්ටුව’ ලකුණින් තරඟ කරනවාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
නමුත් මහ මැතිවරණයේ දී තරඟ කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සන්ධානයක් අනිවාර්යයෙන් පිහිටුවිය යුතු බවත්, එහි ලකුණ ලෙස ‘පොහොට්ටුව’ යොදාගත හැකිද යන්න සම්බන්ධයෙන් නෛතික ගැටලූවක් පවතින බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පාක්ෂික ජනතාව ‘පොහොට්ටුව’ ලකුණ යටතේ මැතිවරණයට ඉදිරිපත් වනවාට කැමති බව දන්නා නමුත් සන්ධානයේ පක්ෂයක ලකුණක් සන්ධානය වෙනුවෙන් යොදාගත හැකිද යන්න ගැටලූවක් බව මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා කීවේය.
ශ්‍රී.ල.නි.ප මහලේකම් දයාසිරි ජයසේකර මහතා වරින් වර මතුකරන්නේ එම ගැටලූව සම්බන්ධයෙන් බව ද හෙතෙම පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (24) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු එම ගොඩනගන සන්ධානයේ එක් පාර්ශවයක් පමණක් බව කී මන්ත්‍රීවරයා එහි ලකුණ පිළිබඳ තීරණයක් ගැනීම තම පක්ෂයට පමණක් කළ නොහැකි බව ද ප්‍රකාශ කළේය.
සියලූ පක්ෂ නායකයින් හා ශ්‍රී.ල.නි.ප නායකත්වය එකඟ වන ලකුණකට පක්ෂය එකඟ බව ද මන්ත්‍රීවරයා කීවේය.
නිදහස් පක්ෂයේ ලකුණ ‘අත’ වුවත් සන්ධානයක් ලෙස තරඟ කරන අවස්ථාවල ‘පුටුව’, ‘බුලත් කොළය’ ආදී ලකුණු යොදාගැනීමට පක්ෂයට සිදුවූ බව ද ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට ඕනා පොහොට්ටුවෙන් නෙමෙයි කොහොම හරි ඉල්ලලා මහින්ද මහත්තයාගේ ඡන්ද පදනමෙන් පාර්ලිමේන්තු යන්න. සැබෑ පොහොට්ටු පාක්ෂිකයෝ මනාප ලකුණු කරද්දී මෙව්වා ගැන අවධානයෙන් ඉන්නට ඕනෑ.
අන්න හරි කොහොම හරි එජාපෙ පස්ස බිම අන්නන්න ඕනේ...
දයාසිරි නම් කියාසිටියේ පොහොට්ටු පක්ෂයේ වළං පිඟන් සෝදන්න ශ්‍රීලනිපයේ ලේකම්වරයා වශයෙන් කිසිසේත්ම සූදානම් නැති බවයි. පොහොට්ටු ලොරියේ රියදුරු මාරු කළාට එහි ගමන් ගන්නා සියලුදෙනා දූෂිතයින්ය. නමුත් ලොරිය ඉදිරියේ ගසා ඇත්තේ බුදුසරණයි කියාය..
වලේ වැටුණාම, වල කටෙන්ම තමයි ගොඩ එන්න ඕනේ. ඒ හින්දා ඉල්ලලා බලන්න. පොහොට්ටුව ඔබලාට විරුද්ධයි. හූ කීවා මතක නැත්ද? මනාප නම් ලැබෙන්නේ නැත. ඔක්කොමලා ගෙදර ඉන්න ලැහැස්ති වෙන්න.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද නම විතරයි. ඇති ඡන්දයක් නැහැ. ගමකින් දෙතුන් දෙනෙක් විතර ඉන්නේ... තනියෙන් ඉල්ලුවා නම් එක ආසනයක්වත් ගන්න බෑ...
නිකමට හරි සජිත් දින්නා නම් මෙයලා එයාටත් හේත්තු වෙනවා. ශ්‍රීලනිප අපේක්ෂකයින් සියල්ලම පරද්දන්න ඕනෑ ඊළඟ ඡන්දෙන්...
මේ පක්ෂවලට තියෙන නම් දැන් වෙනස් කරන්න ඕනෑ. පුද්ගලයින්ටත් ඔවුන් කරන වැරදි අනුව සමාජයෙන් වැටෙන නම එය ඉතා ප්‍රසිද්ධ වෙනවා... ඇත්ත නමටත් වැඩිය. මේ පක්ෂවල ඉන්නේ නූගත්, මංකොල්ල කන අය... අසික්කිත පිරිසක් මොවුන්ට නැවත වේදිකාවට නොනගින්න නමක් දමන්න ඕනෑ. බොරුවට පක්ෂයක් හදාගන්නේ... බලය විතරයි ඕනෑ.. හොරකම් කෙරුවාම වැරදි වැඩ කෙරුවාම මේ පක්ෂයේ ඉන්න කට්ටිය තමයි සුදනා කරන්නේ. ඒ නිසා තමයි පක්ෂයක් හදන්නේ.. තමන්ගේ බිරිඳව, දරු මල්ලන් හදාගන්න බැරිවුන් කොහොමද රටක් හදන්නේ? නොම්මර 1 කාලකන්නි කියලා නම දාන්න...
කවුරු කොහොම ඉදිරිපත් වුණත් ජනතාව පෙළ ගැසී සිටිය යුතුයි. හැකිතරම් රටට වැඩක් ඇති කෙනෙක් පාර්ලිමේන්තු යවන්න.
අනේ මේ අයට කොහොමත් ඕනේ කාටහරි වැඳලා පාර්ලිමන්ට් යන්න. මේ රටට මොන දේ කරත් වැඩක් නැහැ. නියම නීති පද්ධතියක් නැතිව දැන් අනික 2/3 අරන් කොහොමහරි මේ ඔලුගෙඩි ඔක්කොම අරන් තමුන්ගේ වැඩ කරගන්න. ලකුණ මොකක් වුණත් මොකද වැඩේ වෙනවා නම්...
මොන ලකුණෙන් ඉල්ලුවත් පොහොට්ටුවේ අයට තමයි මිනිස්සු ඡන්දෙ දෙන්නේ...
දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුන්මාසෙ දානෙත් දීලා ඉවරයි. දැන් මැරිච්ච මිනිස්සු ගැන කතා කරලත් වැඩක් නැහැනේ. ආයෙත් පාර්ලිමේන්තු එන්න හිතන්නවත් එපා..