(අජන්ත කුමාර අගලකඩ)
ඉකුත් ජනාධිපතිවරණයේදී පක්ෂය ගත් තීන්දුවට පිටින් යමින් සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක් වූ ශ්‍රීලනිප පළාත් පාලන නියෝජිතයන් 20 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.
එම පළාත් පාලන නියෝජිතයන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමටද මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.
පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේ අද (16) රාත්‍රී පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
ඉදිරි මහමැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමටත් තුනෙන් දෙකක බහුතර බලයකින් යුත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශක්තිය ලබාදීමටත් එහිදී තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛත්‍රීපාල සිරිසේන යූඑන්පී එකට හේත්තු වුණානේ.. පහුගිය ඡන්දෙට... එතකොට එයාගේ පක්ෂ සාමාජිකත්වයට මොකද වෙන්නේ? මේ ඔක්කොම වාසියට ගෙම්බෝ වගේ එහාට මෙහාට පනිනවා.
තවත් ත්‍රීවීල් පක්ෂයක් බිහිවෙමින් පවතී.
මොනවා වුනත් කට්ටියම අම්මා තාත්තට ගරු නොකරපු චන්ද්‍රිකාගේ ගැටයට අහුවුනා.
2015දී ශ්‍රීලනිපයට ද්‍රෝහී වූ මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් මේ පක්ෂයේ නීතිය ක්‍රියාත්මක වුනේ නැත්තේ මොකද?
දයාසිරි, ලේකම් හැටියට තමාට තිබෙන බලතල හෝ නිලතල අනුව 2014 නොවැම්බර් 23දා පක්ෂය හැරදමා යූඑන්පී යට පැනපු පක්ෂ ව්‍යවස්ථාව උල්ලංගණය කිරීමේ වරදට චන්ද්‍රිකා එලවා දැම්මා වගේ එළවා දමන්න. මතක තබාගන්න එහෙම කළොත්, එ්කේ නායකයා වෙන්නේ දයාසිරි තමයි. එතකොට අපි ඔක්කොම ගොඩතමයි...
ගිය වසරේ ප්‍රේමදාසට සහයෝගය දුන්නාය කියා චන්ද්‍රිකාව සංවිධායක ධුරයෙන් අයින් කළා නම්, 2015 වසරේ ජනවාරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිමින්.... එජාපය හා සම්බන්ධ වී ජනාධිපතිකම ගත් මෛත්‍රීපාල සිරිසේනද දැන් දරන තනතුරු සියල්ලන්ගෙන් ඉවත් කළ යුතුයි නේද? කෝ ඔහුට විනය ක්‍රියාවන්...? එමනිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වුනේ... ප්‍රතිඵලය පොහොට්ටුව ලකුණින් පක්ෂයක් බිහිවීමයි. පුටුව ලකුණ භාවිතයට ගනු ලැබුවහොත් චන්ද්‍රිකා නඩු මගට බසිනු ඇත. පොහොට්ටුව ලකුණ ඉතා ජනප්‍රියයි...