(ඩයනා උදයංගනී සහ ජේ.ඒ.එල්. ජයසිංහ)
වත්මන් රජයේ කටයුතුවලට සහයෝගය දෙන අතරම අනාගතයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම සඳහාත් කටයුතු කරගෙන යන බව එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඒ සඳහා සහය දැක්වීමට කැමති සියලු පාර්ශව එක් කරගනිමින් පක්ෂයශක්තිමත් කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ද හිටපු ජනාධිපතිවරයා කියයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේදී අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව නිලධාරී මණ්ඩලය අද (30) මහනුවරටගොස් දළඳා වහන්සේ වැඳපුදාගෙන ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
බොහෝ අභියෝග එල්ල වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මන්ත්‍රී ආසන 13 ක් දිනාගත් බවද හිටපු ජනාධිපතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවක් පිහිටවන්න ඉස්සෙල්ලා හිරේ ගිහින් ඉන්න අයට මොනවා හරි කරන්න බලන්න.
වසරේ හොඳම විහිළුව ... !!! හුරේ .... මෙන්න කියලා පිහිටුවාවි ... මෙයා දැන් ප්‍රෙඩී,ටෙනී,බන්දු ආදීන්වත් පරද්දලා චාලි චැප්ලින් වත් පරද්දලා වගෙයි ...
ශ්‍රීලනිප ය වැනසූ ගුණමකු මෙයාට පුලුවන්ද ඒක කරන්න.
ආ.. ඇයි දැන් පොහොට්ටුව එපා වෙලාද? යන්නේ ඉවත බලා... බම්බුව තමයි. මෙහෙමත් අවස්ථාවාදියෙක්. මෙයාට ඡන්දෙ දෙන හරක් රැළක් ඉන්නවනේ පොළොන්නරුවේ.
ඔය හදන්නේ නැවත සුළුජාතීන් බලයට පත් කරන්න. කවුද අගමැති, ජනාධිපති? විහිළු නොහැර ඉන්න සිරිසේන ඇත්තටම සිරිසේන සීරියස්ද?
දවල්ද?
මෙයාගේ විහිළු තව ඉවර නැද්ද? පාස්කු ප්‍රහාරයට ඇතුළට දැම්මොත් තමයි හරියන්නේ.
ඔව්, අපි මේ දවස්වල ලොන්ඩරියේ හොයනවා. පරණ එකක් අලුත්ම එකක් විදියට හිතලා සිංහාසනාරූඪ කරන්න. අලුතෙන් "ස්ලෝගන්'' එකක් ලෑස්ති කරගන්න. "කබලෙන් ලිපට" වගේ එකක්. ඡන්දෙ ගැන වොරි වෙන්න එපා. "අපි හදවතින්ම ශ්‍රී ලාංකිකයි"...
මම මේ කල්පනා කෙරුවේ, හොඳ පැන්ෂන් එකකුත් අරගෙන, කොළඹින් හොඳ ගෙයකුත් හම්බවෙලා ඔහේ කකා බිබී ඉන්න ගමන් ඔබතුමාටත් සිතෙන දේවල් කියලා ..