(චමින්ද මුණසිංහ)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු හා නඩත්තු අංශය FITS ඒවියේෂන් (පුද්) සමාගම සමග Total 360’ ගුවන් යානා ඉංජිනේරු සහ නඩත්තු ගිවිසුමකට පසුගියදා අත්සන් කළේය.
FITS ඒවියේෂන් හි එයාර් බස් A320 ගුවන් යානා සමූහය සඳහා වන මූලික නඩත්තු කිරීම සහ වෙනත් ඉංජිනේරු සේවා සම්බන්ධ සියලු කාර්යයන් මෙම ගිවිසුමට ඇතුළත් වේ.
නව ගිවිසුම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශ ප්‍රධානී ෂෙවන්ත වීරසේකර මහතා මෙසේ පැවසීය. “FITS එයාර් සමාගමට ඔවුන්ගේ A320 ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සහයෝගය සහ විශේෂඥභාවය ලබාදීමට ශ්‍රීලංකන් ඉංජිනේරු අංශයට හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකන් ඉංජිනේරු දැනුම කලාපයේ ඕනෑම ගුවන් සමාගමක් සමඟ ඒකාබද්ධ කර ගැනීමට සහ ඔවුන්ගේ ඉංජිනේරු සහ නඩත්තු අවශ්‍යතා සඳහා සහාය ලබාදීමට විවෘතව පවතිනවා.”
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය ක්ෂේත්‍රයේ ඉහළම පිළිගැනීමට ලක්වූ ගෝලීය ප්‍රමිති සහතික කිහිපයක් ලබාගෙන තිබේ. එසේම ගුවන් සමාගමේ නඩත්තු හා ඉංජිනේරු අංශය EASAසහතිකලත් නඩත්තුව, මූලික නඩත්තුව සහ ඉංජිනේරු වැඩපළ සඳහා දEASA සහතිකය හිමිකරගෙන තිබේ. ඒ අනුව බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ක්‍රියාත්මක වන ගුවන් යානා සහතික කිරීම සඳහා බලය පැවරී තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශයේ ගුවන් යානා නඩත්තු කිරීම් ජ්‍යෙෂ්ඨ කළමනාකරු අර්ජුන කපුගේකියන මහතා සඳහන් කළේ FITS එයාර් 360 ඉංජිනේරු හා නඩත්තු සැපයුම්කරුවකු ලෙස තෝරා ගැනීම පිළිබඳව සතුටට පත්වන බවයි.
ගුවන් යානා නඩත්තු කටයුතු සිදුකිරීම සඳහා සීෂෙල්ස්, සිංගප්පූරුව, චීනය, ඉන්දියාව, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේන් යන රටවල ජාතික ගුවන් සේවා බලධාරීන්ගේ අනුමැතිය ද ශ්‍රීලංකන් ඉංජිනේරු ආයතනය සතුව ඇත. එසේම එයාර්බස් A320, A321 (CEO සහ NEO මාදිලි සඳහා) සහ A330 ගුවන් යානාවලින් සමන්විත සමස්ත ශ්‍රීලංකන් ගුවන් ඇණිය සඳහා ද ඔවුන් සම්පූර්ණ ඉංජිනේරු සේවා සපයයි. මීට අමතරව, ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය විසින් කොළඹ සහ මාලේ ගුවන්තොටුපොළවල සහ තවත් බොහෝ ගුවන් සේවා පාරිභෝගිකයන්ට B 777, B 737NG, B787, A350 සහතිකය ලබා දෙයි.
p>
කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.
බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි
කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය FITS සමඟ නඩත්තු ගිවිසුමක