(රංජිත් රාජපක්ෂ)
මෙවර ශ්‍රී පාද වන්දනා වාරය සඳහා නල්ලතන්නියේ සිට උඩමළුව දක්වා බුලත්විට අලෙවි කිරීම සහ බුලත් විට කෑම සම්පූර්ණයෙන්ම තහනම් කළ බව නල්ලතන්නිය මහජන සෞඛ්‍යය පරීක්ෂක ජී. ජී. එච්. එස්. ගෝදා පතිරණ මහතා පැවසීය.
‘ඔසුවිට’ නමින් හඳුන්වන ඖෂධීය විටක් අලෙවි කිරීමට මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් අවසර ලබාදී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
ශ්‍රී පාද පුදබිමේ බුලත්විට කා කෙළ ගැසීම සහ බුලත්විටේ දුම්කොළ සහ හුණු අඩංගු හෙයින් පිළිකා රෝග ඇතිවීමේ අවදානමක් පැවතීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
බුලත් කෙළ ගැසීමෙන් පරිසරය අපිරිසිදු වන බැවින් සියලු දෙනාගේ එකඟතාවය මත මෙවර වන්දනා වාරයේ දී බුලත් විට අලෙවි කිරීම සහ බුලත් කෑම සම්පුර්ණයෙන් තහනම් කළ බව පතිරණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අලුතින් වෙළඳපොළට හඳුන්වා දී ඇති ඔසුවිට කෑමෙන් පසු කෙළ ගැසීමක් නොකෙරෙන බවත්, ඔසු විට නිෂ්පාදනය කර ඇත්තේ දේශීය ඖෂධ ගණනාවක් එක්කර ගනිමින් බවත් හෙතෙම කීය.
ආයුර්වේද වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් ඔසුවිට ලියාපදිංචි කර ඇති බවත්, එහි සාම්පලයක් රජයේ අන්තරාදායක ඖෂධ පාලකවරයාට සහ රජයේ රස පරික්ෂකවරයාට යොමු කර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කර ඇති බවත් මහජන සෞඛ්‍ය පරික්ෂක පතිරණ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හොඳ ප්‍රවණතාවයක්. නමුත් මූලිකම දේ නම් ප්ලාස්ටික් බෝතල් ඇතුළු නොයෙක් දේ ගෙන ඒමයි.
මෙය සද්භාවයෙන් කරන ලද තහනමක් නම් ඔසුවිට නිෂ්පාදකයින් මෙවර ශ්‍රී පාද වන්දනාකරුවන් සඳහා ඔසුවිට දන්සැල් පවත්වනු ඇත. බලමු.
මත්පැන් බීගෙන, කිසිම චාරයක් නැතුව හැසිරෙන අයත් වන්දනාවේ යන සමහර අයට මහ හිසරදයක්...