(ටී.කේ.ජී.කපිල )
කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය චීනය සහ සෞදි අරාබිය වෙත සිදු කෙරෙන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය.
ඒ අනුව චීනයේ බීජිං , ෂැංහයි සහ ග්වැන්ෂෝ වෙත සිදු කෙරෙන ගුවන් ගමන් මෙම මස 10 වැනිදා සිට අප්‍රේල් මස 30 වැනිදා දක්වා මෙසේ තාවකාලිකව අත්හිටුවා තිබේ.
ඊට අමතරව සෞදි අරාබියේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිර්දේශ මත එරට වෙත යන ගුවන් ගමන් ද මාර්තු මස 15 වැනි දින සිට අප්‍රේල් මස 30 වැනිදින දක්වා අත්හිටුවා තිබේ.
මෙම තත්ත්වය වෙනස් වුවහොත් ගුවන් ගමන් අප්‍රේල් 30 වැනිදාට පෙර යළිත් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්ද මතක් වුනේ චීනයට නොයන්න පාලකයින්ගේ නොසැලකිල්ල නිසා බිල්ලට යන්නේ අසරණ ජනතාව පාලකයින්ට කොරෝනා නොහැදෙන්න වගබලාගන්න මුදල් කොපමණ තිබුණත් කිසිම රටකින් බාරගන්නේ නැහැ. ජනතාවට ගින්දර දෙමින් සුරසැප විඳිමින් හිටපු කට්ටිය දෙවියන් වහන්සේගෙන් පරිස්සම් වෙන්න...
ගුවන් ගමන් නවතා අත්තේ ජෙඩ්ඩා නුවරට පැමිණි එ්වායි. දැන්නම් ගුවන් ගමන් එලෙසම පවතියි.
සෞදි අරාබියේ ජෙඩා නගරයට යන ගුවන් ගමන් පමණක් අත්හිටුවා ඇති ලෙස පළවිය යුතුයි. දමාම් සහා රියාද් සුපුරුදු පරිදි ගමන් කරයි..
මලා, අතමාරුවක් ඉල්ලගන්න හිඟමනේ යන්නේ කොහොමද දැන්...?
රුසියාව චීනයේ හොඳ මිතුරෙක් වුණත් මේ සිද්ධිය නිසා වහාම දේශ සීමා වැහුවා. තමන්ගේ රටේ ජනතාව ආරක්ෂා කරන්න රටේ ජනතාවට ආදරේ නායකයෙක්..
නිවුස් විතරක් දැම්මට මදි. අඩුගානේ මෙම දින වකවානුව තුළ යෑමට කලින් ටිකට් වෙන්කරගත් අයට මොකද්ද කළයුත්තේ? කාටද අැමතිය යුත්තේ කියලා දුරකථන අංක ටිකවත් දාන්න.
මම ටිකට් එකක් ගත්තා දමාම් සිට කටුනායක 10 වෙනිදාට, කටුනායක සිට දමාම් 21 වෙනිදා. ටිකට් විකුණලා කොහොමද ගමන්වාර අවලංගු කරන්නේ...?