IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ශ්‍රී ලංකාවට සහය දෙන්න ජපානයත් පොරොන්දු වෙයි

 

(සුජිත් හේවාජුලිගේ)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආරම්භවී ඇති  වැඩසටහනට හා සංවර්ධන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකාවට සහය වන  බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති හිදෙකි මිසුකොෂි මහතා ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතාට පොරොන්දු විය.

ඔහු මෙසේ පොරොන්දු වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  කොළඹ කොටුව ජනපති මන්දිරයේදී අද (1) පස්වරුවේ හමුවූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකාව සමග තිබෙන ආර්ථික, සමාජයීය, සංස්කෘතික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බවද හිදෙකි මිසුකොෂි මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ජපානය ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්වන සහාය පිළිබඳව  ජනාධිපතිවරයා  තානාපතිවරයාට සිය ස්තූතිය පළ කළේය.



අදහස් (4)

ශ්‍රී ලංකාවට සහය දෙන්න ජපානයත් පොරොන්දු වෙයි

de silva Saturday, 02 July 2022 01:37 AM

මේවා විශ්වාස කරාවි බේරෙවැවෙන් නාපු පුත්තලම් බූරුවන් සහ හම්බන්තොට බයියන්. අර සැහැල්ලු දුම්රිය මාර්ගය හදන්න ගොස් ජපානෙට කළ අපහාසය ඔවුන්ට අමතක නැත.

:       1       2

de silva Saturday, 02 July 2022 01:41 AM

ජපානය යන් කළගුණ සලකන්න දන්න ජාතියක්.. ඔවුන්ට වචනෙන් කළ උපකාරෙට ඔවුහු ජේ.ආර්. ජයවර්ධනගේ පිළිරූ හදලා ගෞරව කරති. නමුත් නිකන් වගේ දෙන්න හදපු සැහැල්ලු දුම්රිය මාර්ගය ප්‍රතික්ෂේප කර චීනෙ එක සෑදීමට කටයුතු කරපු නිසා කිපී ඇත. ජපානෙන් හම්බවෙන දෙයක් නොමැත.

:       1       2

Bamunuarachchi Saturday, 02 July 2022 08:09 AM

හැම රටකම කියන්නේ සපෝට් එක දෙන්නම් කියලා.. හැබැයි මේවනතුරු ඇමරිකාවෙන් ලැබුණු ඩොලර් මිලියන 20 විතරයි. වෙන කවුරුත් කරපු දෙයක් නැත...

:       2       2

jayath Saturday, 02 July 2022 08:57 AM

මේක නම් හතරබීරි කතාවක්...!

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 24 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 929 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site