දකුණු අප්රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 1 ක අති විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්රී ලංකා කණ්ඩායම අද (16 වැනිදා) සමත් විය.
ලකුණු 304 ක ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 304 ක් ලබාගත්තේය.
තරගය සහ තරගාවලිය සම්බන්ධ වැඩිදුර විස්තර සඳහා
http://www.kelimandala.lk/ වෙත පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උණුසුම් සුබ පැතුම්...!!! කුසල් ජනිත්ගේ නොපසුබට හුදකලා සටන අගය කරමි.
පුතේ නුඹලාට අපගේ උණුසුම් සුබ පැතුම් !!!
කුසල් නැතිනම් අපි අද ඒ මැච් එකත් පරදිනවා.
විශිෂ්ටයි...! නොපසුබට වීර්ය ජයග්රහණයේ තේමාවයි. උණුසුම් සුභපැතුම්...!!!
බාධක මැඩගෙන අධිෂ්ඨානයෙන් ජයග්රහණය කරා ගමන්ගත් කුසල් ප්රමුඛ ලක් දරුවන්ට උණුසුම් සුබපැතුම්..!!!
මෙය අපිට හොඳ පාඩමක්!. අවසන් විකට්ටුව වෙනතුරු සටන අවසන් නොකළ යුතුය යන්න නැවතත් සනාථ කරපු ඉනිමක්.... කුසල් පෙරේරාගේ සුපිරි ඉනිමක් සහ පරිණත භාවය මැනවින් ඔප්පු කිරීමක්. ඔහු අවසන් ක්රීඩකයාව ඉතා හොඳින් ආරක්ෂා කරගත්තා සේම, අවසන් ක්රීඩකයා ඔහුගේ වගකීම මැනවින් ඉෂ්ඨ කළා. අවසන් ක්රීඩකයන් හට බැටින් ගැන අවබෝධය මදි තවම...
මේ ලකුණු 304න් 201ක්ම ලබාගෙන තිබෙන්නේ දෙදෙනෙකු විසින්. අනිත් 9 දෙනාම ලබාගෙන තිබෙන්නේ ලකුණු 103. මේ 9 දෙනා අතර සිටින අනිකුත් පිතිකරුවන් තමන්ගේ තත්වය ආරක්ෂා කරගැනීමට මිට වඩා ගොඩක් සැලකිලිමත් විය යුතුයි.
චන්දිමාල් එපා
තරුණ කණ්ඩායමට ජයවේවා.
අපි සතුටු වෙනවා. හරීන්ටත් ඒ ගෞරවය ලැබෙනවා.
සුභ පැතුම්. ඊළඟ මැච් එක පරාද නොවුනොත් ඩ්රෝ කරගත්තොත් ඇති දකුණු අප්රිකාවේදී ටෙස්ට් සීරියස් එකක් දිනාපු පළමුවැනි ආසියානුවන් විය හැකි බව ක්රික්ඉන්ෆෝ එකේ තිබුනා.
කුසල් කරපු දේ ඉතාම වටිනවා. ඒවගේම ඒ පළමු තරගයේදීම කඩුලු 5ක් ගනිපු යෞවනය කරපු දේත් කුසල් ගේ ඉනිම වගේම වටිනවා. ඒ දේ නොකලානම් අපිට ලැබෙන්නේ මෙයට වඩා වැඩි ලකුණු ගණනක් හඹා යන්න. ඒ නිසා ඔහුවත් අගයන්න .
මගේ තාත්තා කියපු දෙයක් තමයි, ක්රිකට් කියන්නේ අන්තිම බොලේ වෙනකන් කියන්න බැරි අවිනිශ්චිත ක්රීඩාවක් කියලා. ඇත්තටම සතුටු වෙනවා.
මේ අයට බැරිකමවත්, නොහැකියාවවත් නෙමෙයි මෙතන මුලිකම හේතුව වී තිබෙන්නේ, තම තමන් කෙරෙහි ආත්ම විස්වාසය හා කැපකිරීම තියෙනවනම් ඕනෑම දෙයක් ජයගත හැකිය යන්නනයි මගෙනම් හැගීම. පරාජයෙන් ලැබෙන අමිහිරි අත්දැකීම මෙන්ම ජයග්රහණයේදී ලබන තෘප්තියත් කියා නිම කල නොහැක.