ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණ සේවාවන් ශක්තිමත් කිරීම සඳහා ශීතාගාරදාම පද්ධතිය දියුණු කිරීමට ජපාන රජය ඇමෙරිකා ඩොලර් මිලියන 3කට ආසන්න මුදලක් ලබාදී ඇතැයි ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සඳහන් කරයි.
ජපාන රජය යුනිසෙෆ් සංවිධානය හරහා එම මුදල ලබා දී ඇති අතර ශීතකාමර, අයිස් අස්තරණය සහිත ශීතකරණ හා එන්නත් ප්‍රවාහන ආම්පන්න ඇතුළු ශීතාගාරදාම උපකරණ සම්පාදනය සඳහා එය යොදා ගනු ඇතැයි ජපාන තානාපති කාර්යාල කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපානයේ තානාපතිතුමනි. බොහොමත්ම ස්තුතියි ආධාර කළාට. අපේ රට හොරා කන " චීනාට" වඩා හැම අතින්ම උසස්, ධනවත් රටක් වන ජපානය අපේ සැබෑ මිතුරෙක්. නමුත් ඔබතුමන්ලාගේ ආධාර ද්‍රව්‍යමය වශයෙන් හෝ ඔබලාම ඉදිරිපත්වී ඒ ශීතාගාර පද්ධතිය දියුණු කිරීම සිදුකළා නම් වටිනාකම තවත් වැඩිවෙනවා. ඔබලාගේ මුදල් ආධාර කොහේ යනවාද කියලා කවුරුත් දන්නේ නැහැ. ලෝකයේ ඕනෑම කෙනෙක් දන්නා "ලෝක හොර" පවුලක් පාලනය කරන රටක ආධාර මුදල් ගැන මොන කතාද..? ඒ නිසා මින්පසු අපේ රටට ආධාරයක් කරනවා නම් කරුණාකරලා ඒවා ද්‍රව්‍යමය සහ තාක්ෂණ සහාය ඇති ආධාර ලෙස ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි. යුරෝපය ඇමෙරිකාව වැනි රටවල් මේ ගැන දැන් හොඳින් දැනුවත් වී මුදල් ආධාර අපේ රටට දෙන්නේ නැහැ. ද්‍රව්‍යමය ආධාර පමණයි. ඒ සල්ලි හොරුන් රට පාලනය කරන නිසයි. සුනාමි හොරා ඇතුළු පවුලම චිනාත් සමග එකතු වී රට මංකොල්ල කමින් සිටින බව අමතක නොකරන්න.