ප්‍රකාශයට පත් කෙරෙන සෑම වාර්තාවකින්ම ශ්‍රී ලංකාවේ ආණ්ඩු කළ දෙපාර්ශවය කොතරම් දූෂිත ද යන්න අනාවරණය වන බවත් එම නිසා සමස්ත පද්ධතියම කඩිනමින් පිරිපහදු කළ යුතු බවත් කතානායක කරු ජයසූරිය මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කතානායක කරු ජයසූරිය මහතා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මෙම ට්විටර් පණිවුඩය නිකුත් කර ඇත.
කතානායක කරු ජයසූරිය මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද දැක්වේ.
“එන සෑම වාර්තාවකින්ම එළි වන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩු කළ දෙපාර්ශයම කෙතරම් දූෂිත වී තිබේද යන්නයි. වෝහාරික විගණන වාර්තාව සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරියකුගේ ඩොලර් මිලියන 2ක් වන දූෂිත ක්‍රියා ලන්ඩනයේදී හෙළි වීම ආසන්න සිදුවීම්ය. සමස්ත පද්ධතියම කඩිනමින් පිරිපහදු කළ යුතුමය”.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද ඕවා දැන් කියන්නේ? මෙච්චර කල් හතර බීරි පොට්ට ගොළු අලියෙක් වගේ නේද හිටියේ? දැන් මෙතන එනවා ඡන්ද ගුණ්ඩුවක් අරගෙන...
ආණ්ඩු නොකරපු තවත් පාර්ශවයක් නම් ඉන්නවා. එ් ගොල්ලෝ නම් දූෂිත නැතුව ඇති. ඒ වුණාට මහජනතාව ඡන්දය දෙන්නේ ඒ ගොල්ලන්ට නෙවේනේ මහත්තයෝ... එ්කනේ අවුල... ලබන සැරේ තුනෙන් දෙකත් අරගෙන ඔය දූෂිතයන් කියන කණ්ඩායමම තමයි බලයට එන්නේ. කීයද ඔට්ටු? ජනාධිපතිවරණයට කලින් වේදිකාවල කීව කතා දැන් කාටවත් මතක නැහැනේ. බලයට ආවගමන් සිරගත කළ රණවිරුවන් නිදහස් කරනවා කිව්වා නේද? දැන් හිරෙන් නිදහස් වෙන්න ලැබේවා කියලා ආශීර්වාද පූජා තියන්නේ රණවිරුවන්ට නෙවේනේ. ගොවියන්ට පොහොර නොමිලේ දෙනවා කියලත් කිව්වා නේද? දැන් නොමිලේ තියා සල්ලි වලටවත් ගන්න පොහොර නෑ කියලයි ගොවියෝ මැසිවිලි දොඩන්නේ. පහුගිය ආණ්ඩුව විදේශ සමාගම්වලට විකුණපු ඉඩම් ආපහු ගන්නවා කියලත් කිව්වා. ඒ වුණාට ඇවිල්ලා මාසයක් ගියේ නැහැ...
හොඳම විසඳුම ඉතින් රතු අයියලාට මෙදාපාර පාර්ලිමේන්තුවට බාරකිරීම තමයි...
ඔබතුමාත් විදුලිබිල ඇමති වෙලා ඉන්නකාලේ පුද්ගලික සමාගම්වලින් විදුලිය ගත්තේ කොහොමද කියලා මතක් කළොත් කොහොමද?
මෙයත් දූෂිත වලේ බැහැගත්තු කෙනෙක් තමයි. තම දූෂිත නායකයා ආරක්ෂා කරන්න නොකළ දෙයක් නෑ. දැන් බුද්ධිමත් ජනතාව අවධියෙන් ඉන්නේ... බබා පාට් දැම්මට දැන් හරියන්නේ නෑ...
ඔබතුමා අවුරුදු කීයක් දේශපාලනය කළාද? දැන්ද මතක් වුනේ ලංකාවේ දේශපාලකයන් දුෂිතයි කියලා? අපි නම් ඔය බව දැනගත්තේ අවුරුදු ගණනාවකට පෙර සිටයි. කමක් නැහැ... දැන්වත් එකට එකතුවෙලා දූෂිතයි කියන හැමෝම එළවලා දාන්න. මුණුමිණිබිරියන්ට රටක් ඉතුරු කරන්න...
මෙයාගේ බණ. ඉඩම උඩින් අධිවේගී මාර්ගය යනවට යහපාලන ලවා යන පාර කුඹුර මැදට තල්ලු කළ බව අමතකද? වංචාකාරයෝ.
අනේ මේ ලොක්කා දැන් බබා... මේ ගොයියම කියන ගොඩේම ඉඳලා සහ දැනටමත් එතනම ඉන්න ගමන්මයි ලැජ්ජා නැතිව මෙහෙමත් කියනවනේ... මේවගේ නිවට දේශපාලුවන් අපේ මව්බිමෙන් සදහටම තුරන්වේවා..!!!
ඔක්කොම දැන් බබලා වෙලාද ? කට්ටියම හැදෙන්න ඕන කියල වගේ දෙයක් පේනවා. රට හොඳ අතට හැරීමේ ලක්ෂණ. මිනිස්සු අවදියෙන් ඉන්න ඕන.
මෙයා මොකාටද එන්න හදන්නේ ?
සියල්ලෝම දූශිතයි. එහෙනම් ඇයි ආයේ ආයේ ඡන්දෙ දීලා බලයට පත්කරගෙන ජීවිතෙපුරාවට මැසිවිලි නගන්නේ? ඡන්දය වර්ජනය කරන්න. මී ළඟ මැතිවරණයේදී කිසිකෙනෙකුට ඡන්දය දෙන්න එපා.
මමනම් දැනගෙන ගොඩක් කල්. අපි මොනවා කරන්නද. දැන ගත්තා කියලා, නිකන් මැරෙන්නේ මොකටද. දැන් මේ කට්ටිය සැබෑ අවංක පුරවැසියන් කරන්න නම් මේ කට්ටියව රෙදි අපුල්ලන කෙනකුට බාර දෙන්න සුදු ඇන්දට කිරිකෝක්කු වගේ කුණු තියෙන්නේ ඇතුලේ.
එකනේ අපි කියන්නේ 225 ම එපා කියලා. හිරේ ගිහිල්ල අවරුදු ගානක් තැපල ආවනම් ඔයාල හැදෙයි කියලවත් හිතන්නන තිබ්බ. කොහෙද මාධ්‍ය සංදර්ශන දාගෙන ඇතුලට යනවා. ඒ පයින්ම රෝහල ගතවෙනවා. හොදට කකා බිබී ඉඳලා ඇප අරන් ගෙදර යනවා.
හොදම විහිළුව නම් ඕනෑම කෙනෙකුට රටේ හෝ පාලන තන්ත්රයේ වැරදි පේන්න ගන්නේ තමන්ට බලය අහිමි වුනාම වීමයි.
පිළිගැනීම විතරක් මදි. ක්‍රියාවෙන් දුෂණයට විරුද්ධ බව ඔප්පු කරන්න ඕනේ. ඔබ අතේ කුණු තැවරිලා නැතිනම් තිබෙන දුෂණ හෙළි කර අධිකරණ ක්‍රියාමාර්ග වලට යොමු කරන්න තරම් බලයක් දැනටත් ඔබ සතුයි!!
කතානායක තුමෝ අවසානයේදී මෙසේ කීහ . " මායා කාරයා සිල් අරන් ... බැරි වෙනකොට මතක් වෙලා... ඇවිදින් පන්සල් .." මට මේ සින්දුව මතක් වුනේ ඇයි දන්නේ නැහැ හොදේ ...
ජාතික චින්තනයක් සහිත බුද්ධිමතුන් පිරිසක් රටට අත්‍යවශ්‍ය මොහොතක් මේ. පක්ෂ දේශපාලකයන් වන්දනාවේ ගොස් නැවත මේ රට ප්‍රපාතයට පෙරලන්න එපා. ටකරන්, පොහොර, බඩු මලු, රැකියා දෙමින් මිනිසුන්ව රවටා ඡන්ද හිගමනේ යන කූට දේශපාලකයන්ගේ අභිලාශය කෙසේ හෝ දේශපාලන බල තනතුරක සිට සුපිරි ජීවිත ගත කිරීම, ඇති තරම් ධනය රැස් කරගැනීම ආදිය වෙයි. රටට අහිතකර ප්‍රතිපත්ති පාර්ලිමේන්තුවට ගෙන එන විට ඒවා විශ්ලේෂණය කිරීමට සහ ඒ වෙනුවෙන් විරුද්ධවීමට දැනුමක් හෝ කොන්දක් මේ අයට නැත. පක්ෂ නායක කියන දේ විතරක් ගිරවුන් සේ කරයි. බලය වෙනුවෙන් අන්තවාදීන්ගේ ඡන්ද ලබාගැනීමට රටට අහිතකර ඕනෑම දෙයක් කරයි. පසුගිය සමයේ අප දුටුවේ එවැනි පාර්ලිමේන්තුවකි. ජනතාවට කර කියා ගැනීමට කිසිවක් නොතිබුණි. ආගම දහම සංස්කෘතිය දේශීය සම්පත් මිනිසුනට නැතිවී යන්නට පටන් ගත්තේය. නොමිනිසුන් සහ විකුර්ති මානසික වියවුල් වූ මිනිසුන් ඇතිවෙන්නට විය. නැවත නැවතත් මිනිසුනි රැවටෙන්න යන්න එපා. කළ මෝඩකම් නැවත නැවතත් කරන්නට එපා. ඔබ නොවුනත් ඔබේ දරුවන්ට හෝ යහපත් රටක් තිබිය යුතුයි. පාර්ලිමේන්තු නියෝජිතයන් යනු බඩු මලු බෙදීමට, ගමේ බෝක්කුවක් පාලමක් හදන්නට, ටකරන් දීමට රැකියාවක් ඉල්ලගන්නය.
හරි. දැනුවත් උනා.
බෑනාගේ ඕස්ට්‍රේලියාවේ ඇපල් වත්තෙන් ගෙනාපු ඇපල් ගෙඩියක් කනකොටද දන්නේ නැහැ ඔය කතාව මතක් වුනේ ? කකුලුවනේ කෙලින් පලයල්ලා කියලා අපිට කියනවා.
දෙපැත්තෙන්ම කකා හිටියා නේද? දැන් අවසාන කාලෙනේ... ගමරාල වගේ වැදි බණ කියන්න පටන්ගෙන...