
(ටී.කේ.ජී.කපිල)
අවුරුදු හයකට පෙර නතරවූ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් ගමන් සේවා අද උදෑසන සිට යළිත් ආරම්භ කරමි, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
2015 වසරේ සිට නතර වූ ගුවන් ගමන් සේවාව යළිත් මෙසේ ආරම්භ වීම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට මහත් රුකුලකි .
රුසියාවේ මොස්කව් නුවර ඩොමෙඩෙඩෝවෝ ගුවන් තොටුපළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් ගුවන් යානය අද උදෑසන 06.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
එම ගුවන් යානය දෙස් විදෙස් සංචාරකයන් 51 දෙනකු රැගෙන පැමිණ සිටි අතර,එම පිරිස අතර රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ළමාහේවා මහතා ද සිටියේය.
මෙම ගුවන් ගමන සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ඒ.330 - 300 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර , එම ගුවන් යානය තුළ පිරිමැසුම්දායක පංතියේ ආසන 269 ක් සහ ව්‍යාපාරික පංතියේ ආසන 28 ක් ද තිබේ .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමකට නැති ගමනාන්ත වලට ගිහින් පස්සේ පාඩුයි කියනවා...
නැවත පන එන සංචාරක කර්මාන්තය
රට ආයෙමත් දියුනුවෙනවානම් එච්චරයි.
රුසියාවෙ දවසකට කොවිඩ් මරණ 700 වැඩියි අසාදිතයො 20000 වැඩියි , එ හෙව් රටින් සංචාරකයො ගේන්න අපේ පාලකයන් ගේ මොලේ මැටිද?
යුක්රේන දෙවැනි කොටසද මේ?
නැතුව බෑනේ. අර මහත්තයා ගෙන්වන්න යන රුසියන් සංචාරකයින් පයින් එන්නයෑ...