(තිළිණි ද සිල්වා)
විදේශයන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල 11 ක කොන්සියුලර් සේවාවන් හෙට (16) සිට සීමා කීරීමට විදේශ සබදතා අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ගෝලීය වශයෙන් වසංගත තත්ත්වයකට පත්ව සහ යුරෝපා සංගමයට අයත් රටවල්වල සීඝ්රයෙන් පැතීරී යන කොරෝනා වෛරසය හේතුවෙන් එම සංගමයට අයත් රටවල් 10ක හා මැදපෙරදිග කලාපයේ සහ ආසියා කලාපයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල එම සේවාවන් මෙලෙස සීමාකර ඇතැයි එම අමාත්‍යාංශය සඳහන් කරයි.
එය අද (16) සිට නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව ඉතාලිය , ඉරානය , දකුණු කොරියාව , ප්‍රංශය , ස්පාඤ්ඤය , ජර්මනිය , ස්විට්සර්ලන්තය , ඩෙන්මාර්කය , නෙදර්ලන්තය , ස්වීඩනය , ඔස්ට්‍රියාව යන රටවල අත්‍යවශ්‍ය කොන්සියුලර් සේවා හැරුණු වෙනත් කටයුතු සිදු නොකෙරෙන බව විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී.
එම තානාපති කාර්යාලවලට පැමිණෙන ලාංකිකයින් අතර වයිරසය පැතිරීම වළක්වාලීමට කොන්සියුලර් සේවා සීමා වන බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.
මෙම සීමා කිරීම් හමුවේ එම තානාපති කාර්යාලය වලින් සිදු කරනුයේ තාවකාලික හදිසි සංචාරක ලියකියවිලි නිකුත් කිරීම , ලාංකිකයින්ගේ හදිසි මරණ වලට අදාළ ලිපි ලේඛන නිකුත් කිරීම සහ සහතික කිරීම පමණක් බවද අමාත්‍යාංශය දන්වා සිටී.
2025 නොවැම්බර් මස 17
8
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
858
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2492
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල 11 ක කටයුතු සීමා කෙරේ
Sanath Dubai Sunday, 15 March 2020 10:20 AM
මේක සම්පූර්ණයෙන්ම වගකීම් විරහිත ක්‍රියාවක්... මේ රටවල ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින්ගේ හදිසි අවශ්‍යතාවයකදී උදව් කරන්නේ කවුද?
de silva berlin Sunday, 15 March 2020 11:52 AM
අපේ තානාපති අංශය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. මෙවැනි හදිසි අවස්ථාවක තානාපති අංශ කළයුත්තේ... දිනකට වැඩකරන පැය ගණන වැඩිකර, තම පුරවැසියන් බොරුවට රස්තියාදුවීම වැළකීමට කටයුතු කිරීම සහ යම් අවශ්‍යතාවයන් වෙනුවෙන් කාර්යාලයේ රැඳීසිටින පුරවැසියන් අතරේ කොරෝනා පැතිරීම වළක්වන, මුකවාඩමක් නොමිලේ සැපයීම, වැසිකිලි කැසිකිලි ඇතුළු සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම මිසක් සපයන සේවා සීමාකිරීම නොවේ. විශ්‍රාම ගිය නළුවන්, ගායකයින්, කලාකරුවන්, දේශපාලකයින්, තානාපතිවරුන් ලෙස පත්කර යැව්වාම... වෙනදෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.