(විමුක්ති එස් රුද්‍රිගු)

වෙනිසියුලාවට සම්බන්ධ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉන්දියානු සාගරයේදී අල්ලා ගත්බව ඇමෙරිකානු හමුදාව  ප්‍රකාශ කළේය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලානු බොරතෙල් සඳහා පනවා ඇති බාධකය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝකය කෙළවරට හෝ ගමන් කිරීමට සූදානමින් සිටින බවත් මෙය එයට කදිම උදාහරණයක් බවත් ඇමෙරිකානු හමුදාව පැවැසුවේය.

ජනපති ට්‍රම්ප්, වෙනිසියුලානු බොරතෙල් අපනයනය සඳහා පනවා ඇති සම්බාධකවලට අදාළව මෙම බොරතෙල් නෞකාව අල්ලා ගත්බව ඇමෙරිකානු හමුදාව ප්‍රකාශ කළේය. "ද අකිලා 2" නම් මෙම ඉන්ධන ප්‍රවාහන නෞකාව ඇමෙරිකාවේ සම්බාධක නොතකමින් ඉන්ධන ප්‍රවාහනය කර ඇති බවත් ඒ හේතුවෙන් නෞකාව පසුපස හඹා ගොස් අල්ලා ගත් බවත් ඇමෙරිකානු හමුදාව පැවැසුවේය.