
(අංජුල මහික වීරරත්න)
රජයේ රෝහල් වල හෘද සැත්කම් සහ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහා පවතින දිගු පෝලිම් අවම කිරීම සඳහා ජනාධිපති අරමුදලේ මැදිහත්වීමෙන් කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීමට ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය අද (10) තීරණය කළේය.
දැනට දෙන වෛද්‍යාධාර ගාස්තු සංශෝධනය කරමින් එම ආධාර මුදල වැඩි කිරීමට ද එහිදී තීරණය විය.
වෛද්‍යාධාර ලබා දීමේදී දැනට පවතින දැඩි නිර්ණායක ලිහිල් කරමින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි ඕනෑම රෝහලකින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට ආධාර ලබා ගත හැකි වන පරිදි ක්‍රමවේදය සරල කිරීමටද මෙහිදී එකඟතාව පළ විය.
එහිදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත පමණක් වෛද්‍යාධාර ලබා දීමටද තීරණය විය.
ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස් විය.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා ඔවුන්ගේ අධ්‍යාපන සහ මූලික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂයක එකවර ගෙවන ආධාර මුදලක් ලබා දීමට පාලක මණ්ඩලය මෙහිදී තීරණය කළේය.
සෑම දිස්ත්‍රික්කයකම එක් විෂය ධාරාවකින් වැඩිම ලකුණු ලබා ගන්නා සිසු සිසුවියන්ට මෙතෙක් ලබා දුන් ශිෂ්‍යත්ව සංඛ්‍යාව 10 සිට 20 දක්වා දෙගුණ කිරීමට ජනාධිපතිවරයාගේ යෝජනාව පරිදි තීරණය විය.
'දිට්වා' සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල් වල දරුවන් සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් 10,000 ක විශේෂ සහනයක් ලබා දීම දැනටමත් ආරම්භ කර ඇති අතර, එමගින් සිසුන් 54,000 කට අධික පිරිසකට දැනටමත් ප්රතිලාභ ලැබී ඇත.
එමෙන්ම, විදේශගතව සිටියදී ආපදාවලට ලක් වූ පවුල්වල ,වකුගඩු රෝගීන්ගේ පවුල්වල සහ අවදානම් සහිත රැකියාවල නිරතවන්නන්ගේ පවුල්වල දරුවන් වෙනුවෙන් ලබා දෙන අධ්‍යාපනික ආධාර වැඩි කිරීමට ඇති අවස්ථා පිළිබඳවද මෙහිදී සොයා බැලිණි.
ජනාධිපති අරමුදලේ මූල්‍ය තත්ත්වය ඉතිහාසයේ ඉහළම මට්ටමට පැමිණ ඇති අතර, අරමුදල මගින් ආධාර ලබන්නන්ගේ ප්‍රමාණයන් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වෙබ් අඩවියේ පළ කිරීමටත්, විනිවිදභාවය තහවුරු කිරීමටත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
ජනාධිපති අරමුදල මගින් සිදු කෙරෙන මහපොළ ශිෂ්‍යත්ව ගෙවීම් ද පසුගිය වසරේදී දෙගුණයකින් පමණ වැඩි කර ඇති අතර, 2025 වර්ෂය සඳහා ද වැඩි දෙනෙකුට ප්රතිලාභ ලැබෙන පරිදි වැඩසටහන් ක්‍රියාවට නැංවීමට පාලක සභාවේ අනුමැතිය හිමි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd