(රෝෂන් තුෂාර, ගයාන් සූරියආරචිචි, කේ. බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන්)
බත්තරමුල්ල පැලවත්ත රණවිරු ස්මාරක භූමියට අයුතු ලෙස ඇතුල් වී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට හෙට (22) දින උදෑසන 10 ට පොලිස් ස්ථානය වෙත පැමිණෙන ලෙස නියෝග ලිපියක් මගින් දැනුම් දුන් බව තලංගම පොලිසිය පවසයි.
මහනුවර බෝවල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන පහල වලව්වේ සෙනෙරත් බණ්ඩාර කොහොන නමැත්තෙකු විසින් තලංගම පොලිසියට සිදුකල පැමිණිල්ලක් පිලිබදව විමර්ශණ කටයුතු එදිනට සිදු කිරීමට නියමිත වේ.
අදාල දැනුම් දීමට අනුව වග උත්තරකාර විමල් වීරවංශ එදිනට පොලිසිය වෙත නොපැමිණියහොත් ලංකා දණ්ඩ නීති සංග්‍රහ නීති පනතේ 172 වගන්තියට අනුව දඩුවම් කිරීම සදහා ලබන 26 දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බවද අදාල නියෝගයේ සදහන් වේ
අදාල සිද්ධිය සම්බන්ධයෙන් අයුතු ජන රාශිය, අයුතු ඇතුලු වීම සහ රාජකාරියට බාදා කිරීම යන චෝදනා යටතේ තලංගම පොලිසිය විසින් ඊයේ (20) දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමක් ද සිදු කර තිබුණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂයට හෝ වෙනස් මත දරන්නට නීතිය අකුරට...
හෙටම මේ හොතඹුවා අල්ලා කූඩු කරොත්, වාචාල හොම්බ වැහෙනවා වගේම, ඔලිම්පික් ක්‍රීඩකයෙක් වගේ දුවන්න ගිහින් තලපතා වගේ හතර ගාතෙන් වැටී, ඉදිරියේදීවත් දත් වහල්ල බේරා ගන්න පුළුවන් වෙනවා ඇත.. පෙට්ටි කඩේ පංචායුධ ගෝතයාට අබ සරණයි....!!!
රටේ ජනාධිපති තුමාට අපහාස කරපු, ජනතාවට හෙන ඉල්ලපු වයිරී සහගත ප්‍රකාශ කරපු, විමලසිරියා නීතීය හමුවට ගෙනයා යුතුමයි.