(අංජුල මහික වීරරත්න)

පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ගේ ධුරය අහෝසි කිරීමෙි  පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන  බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

විපක්ෂය නියෝජනය කරන කිසිදු අයෙකු ආණ්ඩු පක්ෂයට ගැනීම සඳහා රජයේ  සූදානමක් නොමැති බවද අමාත්‍යවරයා කීය.

රජයට එකතුවීම සඳහා යම් යම් පාර්ශවයන්ගේ ප්‍රාර්ථනා තිබුණද රජයට එවැනි අරමුණක් නැතැයි කැබිනට් ප්‍රකාශකවරයා කීය.

අමාත්‍යවරයා මේ බව කීවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය‍ හමුවේදීය.