
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය නව විගණකාධිපතිවරයා ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි වී ඇත.
ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලැබූ ජයරත්න මහත්මියගේ නාමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒකමතිකව අනුමත කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (3) රැස්විය.
විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් මීට පෙර නිර්දේශ කරනු ලැබූ නම් හතරක් විවිධ හේතු මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
විගණකාධිපති ඩබ්ලිව් පී සී වික්‍රමරත්න මහතා පසුගිය අප්‍රේල් මාසයේදී විශ්‍රාම යෑමෙන් පසු විගණකාධිපති ධුරය පුරප්පාඩු විය.
අනතුරුව එම තනතුරේ වැඩ බැලීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතා පත් කෙරුණු අතර ඔහුගේ වැඩ බැලීමේ කාලය ද පසුගිය දෙසැම්බර් මස අවසන් විය.
විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ධර්මපාල ගම්මන්පිල මහතා එම තනතුරට පත් කරන ලෙස ත්‍රෛනිකායික මහනාහිමිවරුන් සිවිය සංවිධාන වෘත්තීය වේදින් ඇතුළු පිරිස් පසුගිය කාලයේදී රජයෙන් දිගින් දිගටම ඉල්ලීම් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැම්පේන් එක ෆේල් වුනා නේ. ගම්මංපිල නැටුවා වැඩියි. ජ්‍යෙෂ්ඨයාට දෙනවානම් මොකටද ව්යවස්තාසභාවක්..
ඊයේ කිව්වේ බොරු නෙවේනේ මම... ඕන කෙනා දාගත්තා. දැන් ලංකාවට අබ සරණයි.
විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ධර්මපාල ගම්මන්පිල මහතා එම තනතුරට පත් කරන ලෙස ත්‍රෛනිකායික මහනාහිමිවරුන් සිවිය සංවිධාන වෘත්තීය වේදින් ඇතුළු පිරිස් පසුගිය කාලයේදී රජයෙන් දිගින් දිගටම ඉල්ලීම් කළහ යයි දිගින් දිගටම කියමින් නටන නාඩගම මොකක්ද ?
ඒකමතිකව සම්මත කරලා විපක්ෂයේ අතිශය උගතුන් දැන් එළියට ගිහිල්ලා අපි එහෙම කෙරුවේ නෑ කියනවා... ෂුවර්...