
(සුජිත් හේවාජුලිගේ)
වසරකදී පිළිකා රෝගීන්15000ත් 18000ත් අතර ප්‍රමාණයක් සමාජයට අලුතින් එක්වන බවත් ඉන් 2000ක් පමණ රුධිර ගත පිළිකා රෝගීන් බවත් මහරගම අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කමින් පසු සුවවූවන්ගේ එකමුතුව විසින් සංවිධාන කෙරුණු දැනුවත් කිරීමේ වැඩමුළුවකදීය.
මෙම වැඩමුළුව තලවතුගොඩ දී පැවැත්විණ.
රුධිරගත පිළිකා රෝගීන් සඳහා ඇටමිදුළු බද්ධ කිරීම සාර්ථක වුවත් වෛද්‍ය උපදෙස් නිසියාකාරව පිළිපදිමින් පරිස්සම් නොවුණහොත් ජීවිතය අවදානම් බවද ඔහු පැවසුවේය.
විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා මෙසේද පැවසීය.
රුධිරගත පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් ලංකාවටම ඉන්නේ හතර දෙනයි. මහරගම අපේක්ෂා රෝහලේ තුන් දෙනෙක් ඉන්නවා. විශේෂඥ වෛද්‍යවරුන් හත් අට දෙනෙකුම ඉන්නේ ලංකාවෙන් බැහැරවයි.
රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී අපට සීමාවක් තියෙනවා. ඇට මිදුලු බද්ධ කිරීම වැනි ක්‍රමවලට විශාල වියදමක් වැය වෙනවා. හැම රෝගියකුටම ප්‍රතිකාර සමානව ලබා ගැනීමේ අයිතිවාසිකමක් තියෙනවා.කොහොම නමුත් හැමෝටම ඒ විදියට ලැබෙනවාද කියන ප්‍රශ්නය තියෙනවා. මුදල් තියෙන අයට හා නැති අයට දෙයාකාරයකින් ලැබෙන්නේ. ඒ අසමානතාවය කොහොමද නැති කරන්නද කියන ප්‍රශ්නය තියෙනවා.
රජය බොහෝ ප්‍රතිකාර දෙන්නේ නොමිලේ. නිදහස් සෞඛ්‍ය සේවාව තුළ මේ සියල්ල නොමිලේ දෙන්න පුළුවන්ද කියන එකත් ප්‍රශ්නයක්. ඇතැම් ප්‍රතිකාර සඳහා ඉතා විශාල මුදලක් වැය වෙනවා. ලංකාවේ ඇතැම් ප්‍රතිකාර නැති වීමත් ඇතැම් ප්‍රතිකාර සඳහා ඖෂධ වර්ග නොතිබීමත් නිසා ප්‍රතිකාර සීමා වෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd