
( සිතුම් චතුරංග)
උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටළුවලට කඩිනමින් විසදුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් යාපනය සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් යාපනය කඳුරුගොඩ විහාරය ඉදිරිපස විරෝධතාවයක නිරත වූහ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යාපනය සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරයා පැමිණිමට නියමිතව තිබූ කදුරුගොඩ විහාරස්ථානය අසලට රැස්වූ පිරිස් විරෝධතාවයේ නිරතවූ අතර ඔවුන් පවසා සිටියේ උතුරු නැගෙනහිර ඉඩම්තුල බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීම් නවත්වන ලෙසයි.
එමෙන්ම අතුරුදන්වූවන්ගේ ගැටළුවට සාධාරණය ඉටුකරනු,උතුරු නැගෙනහිර ඉඩම් ගැටළුවට විසදුම් ලබාදෙන ලෙසට හා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අනෙකුත් ගැටළුවලට විසදුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් අදාළ පිරිස විරෝධතාවයේ නිරතවූ අතර විරෝධතාවය හේතුවෙන් දැඩි පොලිස් ආරක්ෂාවක් විහාරස්ථානයට යොදවා තිබිණ.
විරෝධතාවත් සමඟ අග්‍රාමාත්‍යවරයා කදුරුගොඩ විහාරස්ථානය නිරීක්ෂණය කිරීමට නොපැමිණි අතර අගමැති ආරක්ෂක අංශ නිලධාරීන් හා ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ද එම ඉවත්ව ගියහ.
විරෝධතාකරුවන් පැයකට ආසන්න කාලයක් විරෝධතාවය පැවැත්වීමෙන් අනතුරුව විරෝධතාව අවසන් කෙරිණි.
විරෝධතාවය පැවති ස්ථානයට දෙමළ ජාතික මහජන පෙරමුණ මන්ත්‍රීව සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක්ද පැමිණ සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා! මේ පාලකයන් ඉවත් කිරීමේ සටනට සහාය වන්න. උතුර දකුණ කියා නෑ.. මෙම මජර පාලකයින් රටම දුක්ඛිත තත්වයට පත්කර ඇත...
බැසිල් මාමා කුම්බලා මාළු කෑවානේ ඉන්දියාවේ ගිහින්. දැන් ඉතිං අපිට විඳවන්නයි තියෙන්නේ... තෑන්ක්ස් මෝදි මාමේ...
එහෙනම් මේ ප්‍රදේශවලට ඉන්ධන, ගෑස්, පොහොර, ඖෂධ යනාදිය හිඟයක් නැතුව ඇති...