(ඩී.ජී.සුගතපාල)
වීසා නොමැතිව, නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි විදේශිකයෙකු ගාල්ල බස් නැවතුම්පොළ පොලිස් මුරපොළේ නිලධාරීන් එක්ව අද(09) සවස ඔහු අත්අඩංගුවට ගෙන ගාල්ල පොලිසියට බාර දී තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 40 හැවිරිදි දකුණු අප්‍රිකානු ජාතිකයෙකි.
ඔහු මුඛ ආවරණයක් නොපැළඳ බස් නැවතුම්පොළට ඇතුලුවී ඇති අතර, එහිදී පොලිස් නිලධාරියා ඒ පිළිබඳ දැනුවත් කිරීමට ඔහුගෙන් තොරතුරු විමසා ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ ඔහු වීසා නොමැතිව නීතිවිරෝධීව මෙරට රැඳී සිටින අයෙකු බවය. ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා ගාල්ල පොලිසිය වෙත බාර දී තිබේ.
පොලිසිය පැවසුවේ පී.සී.ආර්.පරීක්ෂණයක් සඳහා ඔහු හෙට කරාපිටිය රෝහල වෙත යොමු කරන බවය.
ගාල්ල බස් නැවතුම්පොළ ස්ථානාධිපති සැරයන් විමල් ජයසේකර (10412) මහතා සහ සැරයන් කළ්‍යයාණි (1187)මහත්මිය විසින් මොහු අත්අඩංගුවට ගන්නා ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් හම කළු වුණාම ඔහොම තමයි. සුද්දෙක් නම් සැලියුට් එකකුත් ගහයි රාලහාමි...