( තිළිණි ද සිල්වා )
විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා විශ්‍රාමිකයන් කැඳවීම සහ විවිධ ගැටලු සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණෙන සියලුම විශ්‍රාමිකයන්ගේ පැමිණීම් සිට නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇතැයි එම දෙපාර්තමේන්තුව කියා සිටි.
රට තුළ උද්ගත වී ඇති කොවිඩ් -19 හදිසි තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් මහතා නිනේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එබැවින් නැවත දැනුම් දෙනතුරු කිසිදු විශ්‍රාමිකයකු විශ්‍රාම වැටුප් දෙපාර්මේන්තු පරිශ්‍රය තුළට නොපැමිණෙන ලෙසත් , විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙතින් ලබාගත යුතු සේවාවන් ඇත්නම් එය 1970 ක්ෂණික දුරකථන අංකය අමතා තොරතුරු ලබා ගන්නැයිද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විශ්‍රාමිකයින් ගන් ඉල්ලීමක් කර සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්රාමිකයන්ට කුරියර් ක්රමයට හෝ අන්තර්ජාලය හරහා හෝ සේවය සපයන ක්රමයක් ස්ථාපිත කරන්න .විශ්රාමිකයා අමාරුවේ දමන්න එපා