(රංජන් කස්තුරි)
කෝවිඩ් 19 වසංගතයේ වත්මන් ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන විවාහ මංගල සහ වෙනත් එවැනි අවස්ථාවන්ට සහභාගී වන ජන සංඛ්‍යාව සීමා කිරීමට තීරණය කර ඇති බව කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඊට සමගාමීව ජනයා සමූහ වශයෙන් එක්රැස් වන වෙනත් කාර්යන්ට ද සීමා පනවා තිබේ.
ආසන සංඛ්‍යාව 500කට වැඩි උත්සව ශාලාවක පැවැත්වෙන විවාහ මංගල උත්සවයකට සහාභාගී විය හැකි උපරිම මට්ටම 150කි.
උත්සව ශාලාවේ ආසන සංඛ්‍යාව 500ට අඩුනම් උපරිමය 100 දෙනකුට සීමා කෙරේ.
අවමංගල්‍යයකට වරකට සහභාගීවීමට අවසර ලැබෙනුයේ 25 දෙනකුට පමණී.
සියලුම රාජ්‍ය උත්සව සැප්තැම්බර් 1 දක්වා කල් දැමේ. රජයේ සේවකයන්ගේ පැමිණිම ආයතනයේ ප්‍රධානියා විසින් තීරණය කළ යුතුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
50 හදිස්සියේම 100 කළේ කාගේ ළමයාගේ මගුලද ළඟ එන්නේ ශවේන්ද්‍ර අයියේ?
මේ රටේ නිවුස්වල කොරෝනා වලට අදාල එන්නත්, සෞඛ්‍ය උපදේශ වලට වඩා වැඩියෙන්ම ඇහෙන වචනයක් තමයි මේ විවාහ උත්සව කියන දේ...
රජයේ සේවකයන් කැඳවීම 50% කරමු . ගුරුවරු ගෙදර නවතමු.