IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


වවුනියාව ජල සම්පාදන කාර්යාලය වසා දමයි

සිතුම් චතුරංග

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල වවුනියාව ප්‍රාදේශීය කාර්යාලය නැවත දැණුම්දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව වවුනියාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

වවුනියාව දිස්ත්‍රික්කයෙන් හමුවු කොවිඩ් 19 ආසාදිත පුද්ගලකු හමුවීමත් සමඟ ඔහු හා සමීපව ඇසුරුකල පවුලේ සාමාජිකයින් දෙදෙනෙකු ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල කාර්යාලයේ සේවය කරන බවට තහවුරුවීමත් සමඟ ආරක්ෂිත පියවරක් ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ වවුනියාව ප්‍රාදේශීය කාර්යාලය එලෙස වසා දැමු බව පැවසීය.

පවතින සෞඛ්‍ය අවදානම් තත්වය සැළකිල්ලට ගෙන ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල වවුනියාව ප්‍රාදේශීය කාර්යාලය සේවකයින් ඉවත් කිරීමට පියවරගත් බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසීය.

ආසාදිත පුද්ගලයා සමීපව ඇසුරු කළ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල වවුනියාව ප්‍රාදේශීය කාර්යාලයට අනුයුක්තව සේවය කළ පුද්ගලයින් මේ වන විට වවුනියාව පම්පමඩුව නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙනුවෙන් යොමුකර තිබේ.

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල වවුනියාව ප්‍රාදේශීය කාර්යාලය ඊයේ දිනයේ විෂබීජහරණය කිරීමටද නියමිතව තිබුණි.
 



අදහස් (0)

වවුනියාව ජල සම්පාදන කාර්යාලය වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31632 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14055 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site