( රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය මගින් තොරතුරු තාක්ෂණ විද්‍යා නව උපාධි පාඨමාලාවක් හඳුන්වා දෙන අතර ඒ සඳහා සිසුන් 1000 ක් වසරකට බඳවාගන්නා බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කොළඹදී අද (30) පැවසීය.
කලා, වානිජ , විද්‍යා, ගණිතය සහ තාක්ෂණය යන ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ විභාගයට පෙනී සිට සාමාන්‍ය සාමාර්ථ තුනක් ලබාගත් ශිෂ්‍යයකුට මෙම උපාධිපාඨමාලාවට ඇතුළත්විය හැකි බවද මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කීවේය.
සාමාන්‍ය පෙළ විභාගය පමණක් සමත්වූවනටද මූලික පරීක්ෂණයකට පෙනී සිට සමත්වූවහොත් එම උපාධිය හැදැරිය හැති බවද මහාචාර්යවරයා කීවේය.
එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූ විවෘත විශ්ව විද්‍යාලයයේ නියෝජ්‍ය උපකුලපති අචාර්ය අජිත් මදුරප්පෙරුම මහතා සඳහන් කළේ උසස් අධ්‍යාපනය සඳහා රජය මගින් ලබාදෙන සහන ණය යෝජනා ක්‍රමය යටතේද සිසුන්ට මෙම පාඨමාලාව හැදිරිය හැකිබවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාත් විවෘත විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්, මීට අවුරුදු 5කට කළින් හා දැන් තියෙන අගාධයට ගෙනියන්න මූලික වෙච්චි කෙනෙක් තමයි මේ අලුත් උපාධිය ගැනත් කියා තියෙන්නේ...
මහාචාර්ය සම්පත් අමරතුංග සර්ගේ සිසු දරුවන් ගැන තිබෙන කැපවීමට ස්තූතියි. විවෘත විශ්ව විද්‍යාලයේ මේ සඳහා ක්‍රියාකළ සැමටත් ස්තූතියි.
ඉතාම හොඳ වැඩපිළිවෙළක්.
සචිත් මොන පදනමක් මත මෙහෙම ප්‍රකාශයක් කරනවාද කියා සිතාගන්නට බැහැ. මේ හා සම්බන්ධ අනෙකුත් අය ගැන නම් මා දන්නේ නැහැ. මහාචාර්ය සම්පත් අමරතුංග කියන්නේ නම්, රටේ අධ්‍යාපනය වෙනුවෙන් ඉමහත් සේවයක් සැලසූ සහ සලසන විද්වතෙක්. මාත් ... විවෘත විශ්ව විද්‍යාලයේ Bsc ජීවවිද්‍යා උපාධිය ටිකකලක් කළ කෙනෙක්... එම දිනවල ඒ සඳහා පැවති පුහුමත වලට රැවටී මා එය නවතා දැමුවා. ඒත්, එය මගේ දෘෂ්ඨියේ වරදක් මිසක්, විශ්ව විද්‍යාලයේ හෝ වරදක් නොවෙයි. ප්රශ්නය ජයගන්නවා වෙනුවට මෙවැනි අදහස් සමාජගත නොකිරීමට තරම් අප කාරුණික වියයුතුයි නේද?