IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


වැලිසරින් නිවාඩුවට ආ 31 ක් නිරෝධායනයට

එෆ්.අස්ලම්

කොවිඩ් 19 වයිරසය ආසාදිතයින් වාර්තා වූ වැලිසර නාවික හමුදා කදවුරෙන් (24)වනදා නිවාඩු ලබා පැමිණි බදුල්ල  දිස්ත්‍රීක්කයේ නාවික හමුදා සාමාජිකයින් 31දෙනෙකු නීරෝධායනය සදහා යොමු කිරීමට පියවර ගනිමින් සිටින බව පොලිසිය සහ ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ  සදහන් කරයි.

එලෙස පැමිණි නාවික හමුදා සාමාජිකයින් පිරිස අතරින් ස්ප්‍රීංවැලි, ගිරාදුරුකෝට්ටේ සහ රිදීමාලියද්ද ප්‍රදේශවල පදිංචි නාවික හමුදා සාමාජිකයින් 3 දෙනෙකු අතරින් දෙදෙනෙකු කොවිඩ් 19  දියතලාව නීරෝධායන මධ්‍යස්ථානය වෙතත් උණ රෝගී තත්වයෙන් පෙළුණු අයෙකු බදුල්ල පළාත් මහ රෝහලේ කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයටත් ඊයේ (25) ඇතුළු කර ඇතැයි බදුල්ල පළාත් මහ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සදහන් කළේය.

නිවාඩු ලබා පැමිණි   වැලිසර නාවික හමුදා කදවුරේ නාවිකයින් 31 දෙනෙකු පමණ පිරිසක් රැගත් බස් රථයක් පෙරේදා(24)වනදා   බදුල්ල කරා පැමිණ ඇති අතර ඒ කණ්ඩායම  හා පැමිණි   නාවික හමුදා සාමාජිකයෙකුට කොරෝනා රෝග ලක්ෂණ සහිතව  රෝහල්ගත කිරීමත්  සමග ඔහු හා බසයේ පැමිණි සෙසු නාවික සාමාජිකයින් 30 දෙනෙකු සොයා   නීරෝධායනය කරවීමට පොලිසිය හා සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරමින් සිටයි.

මෙලෙස පැමිණි නාවිකයින් අතරින් නාවික හමුදා සාමාජිකයින්  පිරිසක් මේ වන විටත් හදුනාගෙන තිබෙන බවත් ඔවුන් අතරින් දෙදෙනෙකු සෞඛ්‍ය බලධාරීන් හා එක්ව ඊයේ (25)  නීරෝධායනය සදහා යොමුකළ බවත් සෙසු පිරිසද සොයා ගනිමින් කඩිනමින් නීරෝධායනය සදහා යොමුකරන බවත්   බදුල්ල ප්‍රදේශය බාර උසස් පොලිස් නිලදාරියකු  සදහන් කළේය.

නාවික හමුදා බසයෙන් පැමිණ බදුල්ල නගරයෙන් බැස සිටි නාවික හමුදා සාමාජික පිරිස  පෙරේදා(24) දහවල්    නගරයේ සැරි සරා ඇති බවද හෙලිවී ඇති බව එම නිලදාරියා කීය.

සෞඛ්‍ය උපදෙස් අඛණ්ඩව පිළිපදිමින් ආරක්ෂාකාරීව කටයුතු කරන්නැයි පොලිසිය හා සෞඛ්‍ය අංශ  මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
 



අදහස් (1)

වැලිසරින් නිවාඩුවට ආ 31 ක් නිරෝධායනයට

apiwenuwanapimai Friday, 24 April 2020 07:38 AM

කාටවත් අපහාසයක් නොවේවා.!!! බුධියෙන් ජයගතයුතු යුද්දයකට, බුදිමතුන්ගේ නායකත්වයක් වෙනුවට, උණ්ඩයේ බලය විශ්වාසකර සේනාදී නායකයන් , දේශපාලකයන් , වෘතිය සමීති නායකයන් පත්කර, එම නායකයන් මෙන්ම රටේ ජනතාවද අමාරුවේ වැටෙන බව , ගෙවල්වලට සිරකර තැබූ සියලුම ආචාර්ය , මහාචාර්ය වරු සහ සියලුම අංශවල බුධිමතුන් (මාද්‍ය සං දර්ශණ පවත්වන උගතුන් යැයි කියාගන්නා අය නොවේ ) උපේක්ෂාවෙන් බල සිටී.

:       123       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31624 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14030 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11098 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 172 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site