
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දුර්ලභ වර්ගයේ වාමාවෘත ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටි දෙකකට විකිණීමට කොටුව ගාලුමෝදරට රැගෙන ආ පුද්ගලයකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය කියයි.
නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව වැටලීම සිදු කර ඇත.
විශාලත්වයෙන් දිගින් අඩියකට වැඩි ප්‍රමාණයක්,මෙන්ම එහි බර කිලෝ ග්‍රෑම් කිලෝග්‍රෑම් එකකට අධික බව වැටලීම සිදු කළ පොලිස් කණ්ඩායමේ උසස් නිලධාරියෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිථ්‍යාව නීත්‍යානුකූල කරමින් සමාජගත කරන්නේ මේ අදාල බලධාරීන්මය. මෙයට මේ තරම් වටිනාකමක් ආරෝපණය කරමින් නොවටිනා අගයක් එයට නිර්මාණය කිරීම තවත් අය ඒ වෙත යොමු වීමට හේතුවක් වේ. නිධන්, ගජමුතු වැනි දේවල තත්වයත් මෙයමයි.
මොකටද අල්ලන්නේ? එහෙනම් මැණික් විකුණන්නේ... අපැහැදිලියි.
මේ වමට කැරකී ඇති බෙලිකටුවලට මෙතරම් ඉල්ලුමක් ලැබෙන්නේ ඒවා සමහර දෙනා පුදසත්කාර සඳහා යොදාගන්නා නිසාවෙනි. අන්තර්ජාලය පරික්ෂාකර බලන කෙනෙකුට දකින්න පුළුවන් විවිධ අලංකාර බෙල්ලන්ගෙන් විවිධ වර්ණ මුතු ලබාගන්නා හැටි. එවැනි රටවල මේ වමට හැරී තිබෙන ඒවා විකුණනවා ඇති. පුදපූජා තැබීමට ගන්නා දෙයක් විකිණීම අපරාධයක් වෙන්නේ කෙසේදැයි කාහට හෝ ප්‍රශ්නයක් ඇතිවිය හැකියි. කෙනෙකුගේ සිතීමේ හා ආගමික නිදහස මෙයින් ඇහිරෙනවා නොවේද? අප මේවාට පුදසත්කාර නොකළත්, මෙතරම් විශාල ගණන් ගෙවා මේවා මිලට ගන්නේ ඔළුවේ අමාරුවකට නොවන බව හෝ සිතන්නට නොහැක්කේ මන්ද? බෙලිකටුවකට පුදපූජා තැබීමට එවැනි දෙයක් විකිණීම අපරාධයක් වන්නේ කෙසේදැයි ප්‍රශ්නයක් මතුවේ. මෙය නිධානයකින් නොගත්තේ නම්, එය සහ වෙළෙන්ඳන් මුදාහැරීම නේද කළයුතු වන්නේ. බෙලිකටුවක් හෝ විකුණා අපේ රටේ මිනිසුන් හෝ හොඳින් සැපසේ ජීවත්වෙන්න වෙරදැරීම අපරාධයක් වන්නේ කෙසේද? මෙහි ඇත්තේ තනිකරම කුහකකම බව පෙනේ. පව් .. අහිංසකයන් .. බෙලිකටුවක් විකුණා හෝ ජීවත්වෙන්න දැඟලුවා. ඒකත් අපරාධයක් වුණා.
මේවා විකුණන්න තහනම්ද? ඇයි? දන්නා කෙනෙක් පැහැදිලි කරමුද?
ඕක විකුණගත්තම අමාරු කාටද...? අර කැලෑ වනසනවා ඒක බලන්න කවුරුවත් නෑ. ඒ වුණාට මේවා නම් අල්ලයි..!!
ඕක මොකක්ද? ඔයිට වැඩිය ඇත්තු මරලා දළ කපාගත්තු අය නිදැල්ලේ ඉන්නේ...
අනේමන්දා... වම, දකුණත් පැටලෙන මගුලක්...
කුඩු විකිණුවොත් අල්ලන්නේ නැහැ. බෙල්ලන් විකිණුවොත් අල්ලනවා.