IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වැලිබල් ෆිනෑන්ස් පළමු අර්ධයේ දී ප්‍රබල වර්ධනයක් ලබාගනී

රු. බිලියන 65.5 දක්වා සියයට 18.7ක වත්කම් වර්ධනයක්

වැලිබල් ෆිනෑන්ස්, 2021/22 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධය සාර්ථකව අවසන් කරමින් රු. බිලියන 5.4ක සමස්ත ආදායමක් ලබන්නට සමත් විය. එය 2020/21 පෙර මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේ දී පැවැති රු. බිලියන 4.4ට වඩා, සියයට22.8ක වර්ධනයකි. සමාගමේ වත්කම් ප්‍රමාණය වර්ධනය කිරීම, සීමා පුළුල් කිරීම හා තරගකාරී ආර්ථික කරුණු තුළින් මෙම කැපී පෙනෙන සාර්ථකත්වය අත්කර ගැනීමට හැකි වී ඇත.

එහි ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය මූල්‍ය වර්ෂයේ අදාළ කාලසීමාව තුළ රු. බිලියන 0.5ක් වූ ලාභය මෙම මූල්‍ය වර්ෂයේ දී රු. බිලියන 1.3ක් දක්වා එනම්, සියයට 158.1ක අති විශිෂ්ට වර්ධනයක් ලබන්නට සමත් විය. සමාගමේ ප්‍රබල වර්ධන ගමන් මඟ ඉදිරියට ගෙන යමින් මූල්‍ය වර්ෂයේ පළමු අර්ධය තුළ ශුද්ධ පොලී ආදායම රු. බිලියන 2.7 ක් බවට පත්ව ඇති අතර, එය පසුගිය වසරට වඩා සියයට 52.1ක කැපී පෙනෙන ඉහළ යාමකි. වසංගතයේ බලපෑම සමග රටෙහි පවත්නා අභියෝගාත්මක වාතාවරණය හා ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා සමාගම තම ගනුදෙනුකරුවන්ට අඛණ්ඩව ණය පහසුකම් සලසා දී ඇති බවට මෙය හොඳම නිදසුනකි. එසේම පොලී ආදායම සියයට13.9ක වර්ධනයක් අත්කරගෙන ඇත. සමස්ත මෙහෙයුම් ආදායම රු. බිලියන 2.1 සිට 2021/22 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේ දී රු. බිලියන 3.5ක් දක්වා සියයට 62.6ක වර්ධනයක් ලබන්නට සමත්වී ඇත.

ආයතනයේ වර්ධනය හා ස්ථාවරත්වය පිළිබඳ අදහස් දක්වන වැලිබල් ෆිනෑන්ස් කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත එස්.බී. රන්ගමුව සඳහන් කළේ “2021/22 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේ දී සියලුම අංශයන්ගෙන් ජයග්‍රාහී ප්‍රතිඵල ලැබීම පිළිබඳව තෘප්තිමත් වන බවයි. 2021 සැප්තැම්බර් 30 වැනි දින වන විට වැලිබල් ෆිනෑන්ස් සතු මුළු වත්කම් ප්‍රමාණය රු. බිලියන 65.5ක් දක්වා සුවිශේෂී ඉහළ යෑමක් අත්කරගෙන ඇත. සමාගමේ ප්‍රාග්ධන මට්ටම් සහ මූල්‍යමය ස්ථාවරත්වය නියමිත සීමාවට වඩා සුවිශේෂී අගයක් පෙන්නුම් කිරීමට සමත් වී ඇත.

එමෙන්ම 2021 සැප්තැම්බර් 30 දින වන විට වත්කම් ප්‍රමාණය රු. බිලියන 54.9ක මට්ටමට පත් වෙමින් 2021 මාර්තු 31 දිනට වඩා 15%ක සවිමත් වර්ධනයක් පෙන්නුම් කරන්නට සමත්ව සිටී. මෙය ගනුදෙනුකරුවන්ට ආයතනය පිළිබඳව ඇති විශ්වාසයෙහි ප්‍රතිඵල පෙන්නුම් කරන්නට හැකි හොඳම සහතිකයක් බව ද රන්ගමුව මහතා තවදුරටත් පැවසීය.

අදාළ වර්ෂය තුළ දී අභියෝග මධ්‍යයේ වුවද දළ අක්‍රීය ණය අනුපාතය NPL ක්ෂේත්‍රයේ සාමාන්‍යයට වඩා පහළ අගයක් වන සියයට 5.51ක්ව පවත්වා ගැනීම තුළින් ආයතනයේ ස්ථාවරත්වය තහවුරු කිරීමට සමත් වී ඇත.
තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ ආයතනයේ ස්ථාවර තැන්පතු ප්‍රමාණය සියයට 15ක වර්ධනයක් සමග තැන්පතු ප්‍රමාණය රු. බිලියන 32.1 සිට 35 දක්වා වර්ධනය කරගැනීම වන අතර මෙය විශ්වසනීය මූල්‍ය සේවා හවුල්කරුවකු ලෙස වැලිබල් ෆිනෑන්ස් ගොඩනගාගෙන ඇති ස්ථාවරත්වය තවදුරටත් සනාථ කරන්නකි.

මෙම කාල සීමාවේ දී වර්ධනය, ස්ථාවරත්වය හා ලාභය ඇතුළු සියලුම මූලික මූලධර්මයන් හේතු කරගෙන සුවිශේෂී මට්ටමක් පෙන්නුම් කිරීමට සමත්වීමේ හේතුවෙන් The Golbal Economics මගින් ආයතනයේ ස්ථාවරත්වය හා ගෞරවණීයත්වයේ ප්‍රතිඵලයක් ලෙස “2021 - විශිෂ්ටතම මූල්‍ය සමාගම” සම්මානය වැලිබල් ෆිනෑන්ස් වෙත පිරිනමන ලදී.

වැලිබල් සමූහයේ සභාපති ධම්මික පෙරේරා මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ “වැලිබල් ෆිනෑන්ස්, මූල්‍ය ක්ෂේත්‍රයේ ඉහළම ස්ථාවරත්වයකට පත්වීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටට පත්වන බවයි. මෙම මූල්‍ය වර්ෂයේ පළමු අර්ධය තුළ ලබා ඇති සාර්ථකත්වය, සවිමත් කළමනාකරණ විශිෂ්ටත්වයේ හා සුවිශේෂී කණ්ඩායමක දක්ෂතාවයේ ප්‍රතිඵලයක් වන බව ද ධම්මික පෙරේරා මහතා තවදුරටත් පැවසීය

තවද ආයතනයේ නවීනතම මූල්‍ය මූලස්ථාන ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් කටයුතු නිමවෙමින් පවතින අතර මෙම නවීන ගොඩනැගිල්ල ලබන වසරේ විවෘත කිරීමට සියලු කටයුතු සංවිධානය වෙමින් පවතී.



අදහස් (0)

වැලිබල් ෆිනෑන්ස් පළමු අර්ධයේ දී ප්‍රබල වර්ධනයක් ලබාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site