
(ඉන්දිකා රමනායක)
වැලිකඩ බන්ධනාගාරයේ විරෝධතාවයේ නිරත රැඳවියන් පිරිසක් එහි සිටින වැඩ අංශයේ රැදවියන් පිරිසකට හිරිහැර කරමින් අද 23 දහවල් හටගෙන තිබූ නොසන්සුන්කාරී තත්ත්වයක් බන්ධනාගාර නිලධාරීන් 200 ක පමණ පිරිසක් යොදවා පාලනය කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන සහ පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය
මෙම රැඳවියන් දිගින් දිගටම සෙසු රැඳවියන්ට පහර දෙමින් හිරිහැර කිරීම නිසා මහර, පල්ලන්සේන , කළුතර , මීගමුව බන්ධනාගාරවලින් අමතර නිලධාරීන්ගෙන් ගෙන්වා එම තත්ත්වය පාලනය කළ බව ද හෙතෙම කියා සිටියේය .
කිසිදු රැඳවියෙකුට ප්‍රහාරයක් එල්ල නොකොට මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කළ බවද හෙතෙම කියා සිටියේය.
මරණීය දණ්ඩනය , ජීවිතාන්තය දක්වා සිර දඬුවම්, සහ දීරඝ කාලීනව සිරදඬුවම් විදින රැඳවියන් පිරිසක් ඔවුනට සමාව ඉල්ලා මසකට පමණ කාලයක සිට බන්ධනාගාරය තුළ විරෝධතාවයක නිරත වෙමින් සිටියහ.
මොවුන්ට සමාව ලබාදීමේ ක්‍රියාවලිය සකස් කරමින් පවතින අතර තුර එය පිළිනොගෙන මෙම රැඳවියන් විරෝධතාවයේ නිරතවන බවද ඡන්දයක නායක මහතා පැවසීය,
මෙම ඉල්ලීම් ඉල්ලා සිරකරුවන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැග තවමත් විරෝධතාවයේ නිරත වෙමින් සිටිති .
ගයාන් අමරසේකර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුවරුන්ගේ ඇඟේ එල්ලිලා හිටපු ජවිපෙ, සජබවාදීන්ට දැන් මේකට මාරු වෙන්න පුළුවන් සිරකරුවන්ගේ ඉල්ලීම් දියව් දියව් කියලා...