(ඉන්දිකා රාමනායක)
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ තාප්පයට ඉහළින් තහනම් බඩු සහිත පාර්සල් හතරක් වැටී ඇති බව බන්ධනාගාර බන්ධනාගාරය පවසයි.
2021 ජුලි මස 28, 29 හා 30 යන දිනයන්හිදී වනාතමුල්ල ප්‍රදේශයේ සීමා තාප්පයට ඉහලින් මෙම පාර්සල් විසිකර තිබූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක , පුනරුත්තාපන හා පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය .
විසිකරන ලද මෙම තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සල් 04ක් කාන්තා අංශයේ රාජකාරී නියුතු නිළධාරිනියන්ගේ බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පාර්සල් තුළ කුඩා හෙරොයින් පැකට් දෙකක්. අයිස් මත්ද්‍රව්‍ය බවට සැකකළ හැකි කුඩා පැකට් 03 ක්. සහ ජංගම දුරකථන බැටරි 05 ක් තිබූ බව ඒ මහතා කීය.
අත්අඩංගුවට ගන්නා ලද පාර්සල් වැඩිදුර විමර්ශණ කටයුතු සදහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකම ප්‍රශ්නේ වවාගෙන කනවා. බන්ධනාගාරේ ඉඳලා මීටර් 50-100ක් දුරින් වැටක් ගහලා වනාතේ මුඩුක්කු ටික අයින් කරලා තට්ටු ගෙවල් වලට යැව්වා නම් මොකද?