
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වැලි ජාවාරම් කරුවන් කිසිදු සිමාවකින් තොරව දැදුර ඔය වනසමින් ඇති බව පරිසරවේදිහු චෝදනා එල්ල කරති.
මේ වන විට දැදුරු ඔය වැලි ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් වි ඇතැයි පරිසරවේදීහු පවසති.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජල මුලාශ්‍රයක් ලෙස සැලකෙන දැදුරු ඔය කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදිගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් ගොන්මුත්තාව හා මොරන්කන්ද යන යන කදු පන්තිය මුදුනින් ආරම්භ වන අතර මෙය මුහුදු මට්ටමේ සිට මිටර් 300 උසකින් පිහිටි බව කියයි.
සුන්දර කදු පන්ති යුගලක් වන ගොන්මුත්තාව හා මොරන්කන්ද මුදුනින් ගලා එන දිය පහරවල් දෙකකින් ආරම්භ වන දැදුරු ඔය ඉන් පසුව එක් දිය පහරක් ලෙස ගලා එම සිදුවෙති .
ගම් නියම් ගම් පසු කරමින් පැමින හලාවතින් මුහුදට වැටෙන දැදුරු ඔය ඒ අතර තුරදී විවිධ පිඩාවන්ට ලක්වන බව පරිසරවේදින් පවසති.
එයින් බරපතලම හානිය වන්නේ ඉවක් බවක් නොමැතිව සිදුවන වැලි ජාවාරම් කරුවන්ගෙන් බව කියයි.
මෙම ජාවාරම මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ පල්ලම , ආරච්චිකට්ටුව ,හලාවත හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය,රස්නායකපුර, බිංගිරිය,කොබෙයිගනේ , ඇතුළු පොලිස් බල ප්‍රදේශ වල දරුණු වි ඇති බව කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම දේශපාලුවො මේක පිටිපස්සෙ ඇති. උන්ට උන්ගෙ අම්ම, අප්ප හරි විකුණල සල්ලි හම්බ වෙනවනං ඒකත් කරයි.
සර්ගේ සෞභාග්‍ය දෝරෙ ගලන අයුරු පේනවද
ඕක ප්‍රශ්නයක් කරගන්න එපා මහත්තයෝ.... ‘‘දේවානි මහත්මියගෙන්‘‘ ඔක්සිජන් කන්නද කියලා අහපු අය දැදුරු ඔය බොන්නද කියලා අහයි... ඒ අය ජල ඇමැතිලානේ...!!!
අපේ පස් නිශාන්ත ඇමැතිතුමා ඕවාට අවසර දීලා තියෙන්නේ. මේවා විනාශකාරී ජාවාරම් වෙන්නේ කොහොමද?
දේශපාලුවන්ගේ මෙන්ම ඉහළ නිලධාරින් යයි කියන ලේ මාපිලුන්ගේ ආශීර්වාදය නොමැතිව මේ කිසිවක් කළ නොහැකිය...