(විශේෂ වර්තාකරුවකු)

දුම්රිය සේවකයන් ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට පැය 48 වර්ජනයක් ක්‍රියාත්මක කළ ද අද පෙරවරු කාලයේ සියලුම මාර්ග වල කාර්යාල දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය වූ බව කාර්යාල සේවකයෝ පවසති.

ඇතැම් දුම්රියන් සුළු ප්‍රමාදයක් සිදු වුවද මගීහු කිසිදු අපහසුතාවයකින් තොරව තම ගමන් වාරය අවසන් කළහ.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ධූවයෙන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති  ගණනාවක් පැය 48ක දුම්රිය වර්ජනයක් කැඳවා තිබුණි. 

දුම්රිය ප්‍රවේශපත්‍ර කවුළු වසා දමා තිබූ අතර දුම්රිය ටිකට් පත් නිකුත් කිරීමක් සිදු වූයේ නැත. දුම්රිය නිවේදන කටයුතු සිදු නොවීම නිසා දුම්රිය ධාවනය සිදුවන ආකාරය මගීන් දැන ගැනීමට නොහැකි වීමෙන් ඇතැම් දුම්රිය මගීන් අපහසුතාවයට පත්වු අයුරු දැක ගත හැකියි.